අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පන්සියගමට නව පොලිස් ස්ථානයක්

    ඔක්තෝබර් 18, 2019

    පොල්පිතිගම කොට්ඨාසයේ පන්සියගම නව පොලිස් ස්ථානය විවෘත කිරීම වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්   සිදු විය.

    ජනතාවට ප්‍රශස්ත සේවාවක් ලබාදීමේ අරමුණ පෙරදැරිව දිවයින පුරා පොලිස් ස්ථාන 600ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ 498 වන පොලිස් ස්ථානය ලෙස මෙය ඉදිකෙරිණි.

    මෙතෙක් ප්‍රදේශයේ ජනතාවට පොලිසියට අදාළ රාජකාරි කටයුතු ඉටුකර ගැනීම සඳහා කි.මි 30කට ආසන්න දුර ප්‍රමාණයක් ගෙවමින් පොල්පිතිගම පොලිස් ස්ථානයට හෝ එවැනිම දුරක් ගෙවමින් ගලේවෙල, වාරියපොළ හා ගොකරැල්ල පොලිස් ස්ථාන වෙත යාමට සිදුව  තිබිණි.

    එම අඩුපාඩුව සපුරාලමින් නව පොලිස් ස්ථානය ස්ථාපිත කිරීමට පියවර ගැනුණු අතර පාලන අංශය, අපරාධ අංශය, සුළු පැමිණිලි අංශය ඇතුළුව පොලිස් ස්ථානයක තිබිය යුතු සියලුම අංශයන්ගෙන් මෙම නව පොලිස් ස්ථානය සමන්විතය.

    සමරු ඵලකය නිරාවරණය කර නව පොලිස් ස්ථානය විවෘත කළ ආණ්ඩුකාරවරයා එහි කටයුතු ද නිරික්ෂණය කළේය.

    ප්‍රදේශයේ මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර, වයඹ හා උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන, නිකවැරටිය කොට්ඨාසයේ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ යන මහත්වරුන් ද පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂ ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya