මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෝර්ටන් ප්‍රදේශයට මි.මී. 137.6ක වර්ෂාපතනයක් Featured

    අගෝස්තු 03, 2014

    (sinhala.news.lk) මි.මී. 137.6ක උපරිම වර්ෂාපතනයක් නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන අතර අවසන් පැය 24 දී ගාල්ලට මි.මී. 33.6ක ද නුවරඑළියට මි.මී. 22.8ක ද රත්නපුරයට මි.මී. 14.0ක ද වර්ෂාපතනයක් ලැබී තිබේ.


    අද (03) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන අතර වයඹ පළාතටද මෙම වැසි පැතිර යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට ඉඩ  ඇත.


    දිවයිනේ මධ්‍යම කඳුකරයේ සහ දිවයිනට දකුණු සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල විටින්විට පැ.කි.මී. 60 දක්වා තද සුළං බලාපොරොත්තු විය හැක. දිවයිනේ අනෙක් කොටස්වලද විටින් විට තරමක් තද සුළං ඇති විය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.9°C පොලොන්නරුව හා මෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.9°C පොලොන්නරුව හා මොනරාගලින් ද ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.4°C නුවරඑළියෙන් ද මි.මී. 137.6ක උපරිම වර්ෂාපතනය නෝර්ටන් ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya