අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලුතර නාගොඩ මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ල සහ නව වාට්ටු සංකීර්ණය 1 වැනිදා විවෘත කෙරේ. Featured

    සැප්තැම්බර් 26, 2019

    කලුතර නාගොඩ මහ රෝහලේ නව ඉදිකිරීම් ඔක්තෝබර් 1 වැනිදා විවෘත කිරීමට නියමිතයි. සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 11.00ට මෙම උත්සවය පැවැත්වේ.

    අලුතින් ඉදිකළ මහල් 5කින් සමන්විත පරිපාලන ගොඩනැගිල්ල සහ නව වාට්ටු සංකීර්ණයේ පළමු අදියර මෙහිදී විවෘත කිරීම සිදු වේ. අංගසම්පූර්ණ නව පරිපාලන ගොඩනැගිල්ල සදහා රජය විසින් ආයෝජනය කළ මුදල රුපියල් මිලියන 180කි. මහල් 8කින් සමන්විත ආකාරයෙන් සැළසුම් කළ නව වාට්ටු සංකීර්ණය සදහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 2817කි. මෙම වාට්ටු සංකීර්ණයේ පළමු අදියරද එළඹෙන ඔක්තෝබර් පලමු වැනිදා විවෘත කිරීමට නියමිතයි.

    මීට අමතරව නව ඉදිකිරීම් කිහිපයක් සදහාම මුල් ගල් තැබීමද සිදු කෙරේ. රුපියල් මිලියන 256ක වියදමින් ඉදිකරන හෙද නිල නිවාස සංකීර්ණයරුපියල් මිලියන 278ක වියදමින් ඉදිකරන නව ඖෂධ ගබඩා ගොඩනැගිල්ල සහ රුපියල් මිලියන 438ක වියදමින් ඉදිකිරීමට නියමිත බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලටද මුල්ගල් තැබීමට නියමිතයි. නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ දීප ව්‍යාප්තව ලබා දීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

    සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා සහ කලුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිපාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන් සහභාගි වීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya