දැනට නොකඩවා පවතින අයහපත් කාලගුණය සහ අධික වර්ෂාව හේතුවෙන් තවදුරටත් දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක 2 හි සියළුම පාසල් හෙට (26) සහ අනිද්දා (27) දිනයන්හිදී ද වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කරයි.
ඒ අනුව ගාල්ල, මාතර දිස්ත්‍රික්කයන්හි සියළුම පාසල්වල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරනුයේ සැප්තැම්බර් 30 සඳුදා ය.