අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ දෙවන දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක්

    සැප්තැම්බර් 24, 2019

    අනාගත ලෝකයේ අභියෝග ජයගත හැකි යහගුණ හා නුවණ කැටිවුණු ශක්තිමත් දරුවෙකු දැයට තිළිණ කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙහෙයවනු ලබන “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන් මාලාව යටතේ වැඩසටහන් රැසක් බදුල්ල දිස්ත්‍රික්කය පුරා සංවිධානය කර තිබේ.

    දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන යටතේ දරුවන් සුරැකීම පිළිබඳව වැඩසටහන් 13 ක් සංවිධානය කර තිබූ අතර ඉන් වැඩසටහන් 08 ක් සංවිධානය කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි.

    මෙම වැඩසටහන් මාලාවේ එක් ප්‍රධාන වැඩසටහනක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද දින (24) පැවැත්වුණු අතර ඒ සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, පොලිස් නිලධාරීන්, විදුහල්පතිවරුන්, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල නිලධාරීන් ඇතුලු රජයේ විවිධ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් සහභාගි වී සිටියහ.

    බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනේ ප්‍රධාන දේශනය මහනුවර මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක හා මනෝ චිකිත්සක ස්නායු ශල්‍ය වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් "නුතන දරුවාගේ අභියෝග සහ ළමා වියේ මිහිරි අමිහිරි අත්දැකීම්" යන මාතෘකා යටතේ දේශන පැවැත්වූ අතර කඹුරුපිටිය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය චතුර අබේසූරිය මහතා විසින් "ළමා සංවර්ධනය හා ආතතිය"  යන මාතෘකාව යටතේ දේශන පවත්වන ලදී.

    ළමා මනස තේරුම් ගනිමින් ළමුන්ගේ පෞරුෂත්වය වර්ධනය කිරීම කිසියම් න්‍යායක් අනුව සිදුකිරීමේ වැදගත්කම මෙම දේශකයන් විසින් පෙන්වා දෙන ලදී. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya