අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යටියන්තොටට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

    සැප්තැම්බර් 24, 2019

    කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ප්‍රදේශ කිහිපයකට මේ වන විට නායයාම් අනතුරු නිවේදන නිකුත් කර ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ චමිල මහතා ප්‍රකාශ කරයි.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශ වලට සාමාන්‍ය වැසි තත්ත්වයක් පවතින බවත්, යටියන්තොට ප්ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ කිහිපයකට නොකඩවා වැසි අද හැලීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ඒ මහතා පවසා සිටි. ඒ අනුව, එම තත්ත්වයන් ඇති වුවහොත් ගත යුතු ආරක්‍ෂිත ක්‍රියාමාර්ග සඳහා දැනටමත් ක්‍රියාමාර්ග සැළසුම් කරගෙන ඇති බවත්, සෑම වසමකම පිහිට ඇති උස් ව පිහිටි බිම් වල පිහිටි පන්සල්, පාසල් විශ්‍රාම ශාලා ආදිය දැනටමත් සිතියම් ගත කර අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග සඳහා කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya