නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "විරු සිසු ප්‍රදීප" ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය - 2013

    අගෝස්තු 01, 2014
    ජාතික ආරක්ෂක අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන "විරු සිසු ප්‍රදීප"  ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ 06 වන අදියර අද (01) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සේවා විද්‍යාලයේදී පැවැත්විණි.


    පසුගිය මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වී රට දැය වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කළ රණ විරුවන්, ආබාධිත රණ විරුවන් හා අතුරුදන් වූ රණ විරුවන්ගේ දරුවන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා සුදුසුකම් ලැබීය. අද පැවති ශිෂ්‍යත්ව ප්‍රදානයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ රණ විරුවන්ගේ දරුවන් 100 දෙනෙකු ද නාවික හමුදාවේ රණ විරුවන්ගේ දරුවන් 09 දෙනෙකු ද ගුවන් හමුදාවේ සාමාජිකයන්ගේ දරුවන් 06 දෙනෙකු හා ශ්‍රී ලංකා පොලිසියේ රණ විරුවන්ගේ දරුවන් 23 දෙනෙකුද ආරක්ෂක ලේකම්තුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් ශිෂ්‍යත්ව ලබාගත්හ.

     

    ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2006 වසරේදී ‘විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කළ අතර මෙහි පළමුවන හා දෙවන අදියර යටතේ 2007 හා 2008 වර්ෂයන්හිදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් රණ විරුවන්ගේ දරුවන් 260 දෙනෙකු සඳහා ද පිළිවෙළින් 3 වන, 4 වන, 5 වන අදියරයන් සඳහා දරුවන් 176ක්, 185ක් හා 149 දෙනෙකුටද ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණි.

     

    මේ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්වලාභී දරුවෙකු වෙනුවෙන් රුපියල් 25,000.00ක බැංකු තැන්පතුවක් සමඟ පාසල් බෑගයක්, අභ්‍යාස පොත් කට්ටලයක් හා මුදල් ඉතුරුම් කැටයක්ද මෙහිදී ලබා දුනි.

     

    ප්‍රථමයෙන්ම 2013 වසරේදී ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ හා පොලිසියේ රණ විරුවන්ගේ දරුවන් සඳහා ද මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණි.

     

    මෙහිදී උත්සව සභාව ඇමතූ ආරක්ෂක අරමුදලේ ලේකම් හා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා රණ විරුවන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, එහි සේවා වනිතා ඒකකය, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සේවා වනිතා ඒකකයන් විසින් නොයෙක්වර ශිෂ්‍යත්ව ප්‍රදානයන් හා වෙනත් අධ්‍යාපන පහසුකම් නිරන්තරයෙන්ම සපයනු ලබන අතර මෙම දරුවන්ද එකී පහසුකම් ලබා තම අධ්‍යාපන කටයුතු වඩා හොඳින් කරගෙන යාමට සිතට ගත යුතු බව ද පැවසූවේය.

     

    මෙම අවස්ථාව සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, ජේ.ඒ. රංජිත් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    NDH/mod

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya