අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මව්කිරි දීමේ සතිය ප්‍රකාශයට පත්කිරීමේ ප්‍රධාන උත්සවය අගෝස්තු 05

    අගෝස්තු 01, 2014

    අද (01) සිට ලබන 07 දින දක්වා කාලය "ජාතික මව්කිරි දීමේ සතිය" ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශයට පත්කර ඇත. 


    මෙම සතිය ප‍්‍රකාශයට පත්කිරීම නිමිත්තෙන් පැවැත්වෙන ප‍්‍රධාන උත්සවය සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අගෝස්තු 05 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්න්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.  

    මව්කිරිදීම ප‍්‍රවර්ධනය, ආරක්ෂාව සහ අනුබලදීම මඟින් 2015 වසරේ දී සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක කරා ලඟාවීම සඳහා කෙරෙන වැදගත් කාර්යභාරය හුවාදැක්වීම පිණිස මෙම වසරේ තේමාව ලෙස  "මව්කිරි දෙමු - දිවිය දිනමු" යන්න තෝරාගෙන ඇත. 

    මෙම වසරේ මව්කිරිදීමේ සතියේ අරමුණු වශයෙන් සහශ‍්‍ර සංවර්ධන දර්ශක සපුරා ගැනීම සඳහා මව්කිරිදීම ඉවහල්වන ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම හා ඒ පිළිබඳව දැනුවත් කිරීමත්, මව්කිරිදීම ආරක්ෂා කිරීම, ප‍්‍රවර්ධනය කිරීම හා එයට අවශ්‍ය සහයෝගය ලබාදීමෙහි වැදගත්කම හා එම ක‍්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමත්, මව්කිරීදීම සම්බන්ධයෙන් මේ වන තෙක් ලබාදී ඇති දියුණුව ඇගයීම හා තවදුරටත් දියුණු කළ යුතු කරුණු හඳුනා ගැනීමත්, රාජ්‍ය හා පෞද්ගලික සංවිධාන හා ආයතනවල මව්කිරිදීමේ කාමර සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීම පිළිබඳවත් එම ආයතන ප‍්‍රධානීන් හා කාර්යමණ්ඩල දැනුවත් කිරීම ප‍්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරනු ඇත. 

    මේ සතිය තුළ දිවයිනේ සියලු ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හා සෞඛ්‍ය ආයතන මව්කිරිදීම ප‍්‍රවර්ධනය, ආරක්ෂාව හා අනුබලදීම සඳහා කෙරෙන සියලු කටයුතු සඳහා වැඩි ප‍්‍රමුඛත්වයක් දී ක‍්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya