අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ මධ්‍යම කඳුකරයේ විටින්විට පැ.කි.මී. 60 දක්වා තද සුළං බලාපොරොත්තු විය හැක. දිවයිනේ අනෙක් කොටස්වලද විටින් විට තරමක් තද සුළං ඇතිවිය හැක.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය
ගාල්ල, කොළඹ, රත්නපුරය, නුවරඑළිය සහ මහනුවරට වැසි වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
අනුරාධපුරය, මඩකළපුව, ත්‍රිකුණාමලය, මන්නාරම සහ යාපනයට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.
උෂ්ණත්වය හා වර්ෂාපතනය
උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.0°C ත්‍රිකුණාමලය සහ මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.2°C මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.3°C නුවරඑළියෙන් ද මි.මී. 28.0ක උපරිම වර්ෂාපතනය නුවරඑළිය හෙල්බොඩ උතුරු ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.
HC