අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට කැපවූවන් අගයමින් "ප්‍රශස්ථ සේවා ඇගයුම" අද

    ජූලි 08, 2019

    මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට කැපවූවන් අගය කරමින් ''ප‍්‍රශස්ථ සේවා ඇගයීම් සහතික ප‍්‍රදානය'' කිරීම අද (08) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශ පරිශ‍්‍රයේ දී සිදු වෙයි.

    මොරගහකන්ද ප‍්‍රතිලාභ රටටම හිමිවන සෙසු ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ජනපතිගෙන් නිලධාරින්ට මේ අතර උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

     ජලය ඉල්ලා හැඬු රජ රට ගොවි ජනතාවගේ කඳුළු කතාව නිමා කරමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක මොරගහකන්ද -කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුවන තවත් සුවිශේෂී වාරි ව්‍යාපෘතින් ලෙස වයඹ ඇළ, මිනිපේ ඇළ සහ උතුරු මැද මහ ඇළ හෙවත් ඉහළ ඇලහැර ඇළ සංවර්ධන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

    2007 වසරේ ආරම්භ කළ මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ උතුරු මැද නැගෙනහිර හා මධ්‍යම පළාත්වල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදී එම පළාත්වල සියලු කුඹුරු යල මහ අස්වැද්දීමට අවශ්‍ය වාරි ජලය සැපයීමයි.

    වර්තමානය වනවිට මෙම ව්‍යාපෘතියට වයඹ ඇළ ව්‍යාපෘතිය ද ඇතුළත්ව තිබෙන අතර වෑමැඩිල්ල වැව ජලාශය ඇතුළු වයඹ වැව් පෝෂණය කරන මෙම ව්‍යාපෘතිය මගින් වයඹ පළාතේ ලොකු කුඩා වැව් 303කට ජලය ලබාදීම සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya