මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව පොසොන් මහා බත් දන්සැල 59 වන වරටත් පැරකුම් සමුදුර අභියස දී

    ජූනි 17, 2019

    පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් මහා බත් දන්සැල 59 වන වරටත් අද සහ හෙට දෙදින පුරා පොළොන්නරුව පැරකුම් සමුදුර අභියස දී පැවැත්වෙන අතර 16 දින බත් දන්සැල විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

    අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක් පොහොය දිනය සමරමින් ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වාර්ෂික ව මෙම බත් දන්සැල සංවිධානය කෙරේ.

    මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දන්සැල ආරම්භ කෙරුණු අතර උතුරු, උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පොළොන්නරුව ඉසිපතනාරාම විහාරාධිකාරී පූජ්‍ය උඩගම ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ විසින් පුණ්‍යානුමෝදනාව සහ විශේෂ අනුශාසනාව සිදු කළහ.

    දිවයිනේ නන් දෙසින් පොළොන්නරුව පූජා භූමිය වෙත පැමිණ සිටි විශාල ජනතාවක් දන්සල වෙත පැමිණ සිටි අතර ඔවුන්ට ආහාරවලින් සංග්‍රහ කිරීමට ද එක් වූ ජනාධිපතිතුමා එම ජනතාව සමග සුහද කතා බහක නිරතවීමට ද අමතක නොකෙළේය.
    දන්සැල අද සහ හෙට දිවා රාත්‍රියේ දෙකෙහිම පැරකුම් සමුදුර අභියස දී පැවැත් වේ.

    වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත්, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, පොළොන්නරුව බෞද්ධ සංගමයේ ලේකම් ඩබ්.ජී සෝමරත්න, භාණ්ඩාගාරික අනුර විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya