මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති දුෂාන්බේ  Nurek  ජල විදුලි බලාගාරයේ නිරික්ෂණ චාරිකාවක ...

    ජූනි 15, 2019

    ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුථවට සහභාගීවීම සඳහා ටජිකිස්ථානයට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  (14) පෙරවරුවේ දුෂාන්බේ නගරයේ පිහිටි Nurekජල විදුලි බලාගාරයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    විදුලි බලාගාර පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ ටජිකිස්ථාන උප අගමැතිවරයා විසින් වන අතර එහි දී ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් අලංකාරවත් උත්සවයක් ද සංවිධානය කර තිබිණි. 


    Nurek    ජල විදුලි බලාගාරය ටජිකිස්ථානයේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානය වන අතර අධික ශිත කාලයේ විශාල වශයෙන් පවතින බලශක්ති අවශ්‍යතාව සපුරාලීමට පමණක් නොව ගිම්හාන කාලයේ අතිරික්ත බලශක්තිය අපනයනය කිරීමට ටජිකිස්ථානයට හැකියාව ලැබී තිබේ. විදුලි බලාගාරයේ ඉදිකිරීම් සම්පූර්ණ වීමෙන් අනතුරුව ටජිකිස්ථානයේ විදේශීය ඉපැයුම් අතරේ විදුලිබල අපනයනය ප්‍රධාන තැනක් ගනු ඇත.
    විදුලි බලාගාරයේ කටයුතු මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් වූ අතර එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් ද ජනාධිපතිතුමා වෙත සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya