මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර සංරක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක සියලු වැඩසටහන් වඩා ශක්තිමත් කිරීමට ජනපතිගෙන් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස්

    මැයි 26, 2019

    ජූනි 05 වන දාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර සතියක් ප්‍රකාශයට පත් කරමින් පරිසරය වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති සියලු වැඩසටහන් වඩා ශක්තිමත් සහ කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.

    ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ (24) පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

    අධිකාරිය විසින් මෙතෙක් ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් මෙහි දී ජනාධිපතිතුමාගේ අධීක්ෂණයට ලක් විය.

    පරිසර නියමු ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව අවසන් කිරීම, පාසල් මට්ටමින් පරිසර නියමුවන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම ආදි කරුණු පිළිබඳව ද සාකච්ඡා වූ අතර, පාසල් දරුවන් ඇතුළු පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් පරිසර සංරක්ෂණය, ආරක්ෂණය හා කළමනාකරණය කෙරෙහි සහභාගිත්වය වැඩිකර ගැනීමට පියවර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා එහි දී පෙන්වා දුන්නේ ය.

    පොලිතින් තහනම, වාහනවල අධික ශබ්දය සහිත නලා නාද කිරීම තහනම් කිරීම, පරිසර පොලිසිය ශක්තිමත් කිරීම ආදි පරිසර සංරක්ෂණය වෙනුවෙන් රජය පසුගිය දිනවල ගත් වැදගත් තීන්දු සහ ඊට අදාළ ව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි

    එමෙන් ම මහනුවර නගරයේ ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබූ කටුගස්තොට, ගොහාගොඩ කැළි කසළ කන්ද සහ ඊට විසඳුම් ලබාදීමට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය ද ජනාධිපතිතුමා විමසා බැලීය.

    මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල්, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya