අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන්න- ජනපති

    මැයි 03, 2019

    සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේ ය.

    මත්ද්‍රව්‍ය මර්දනය සහ අපරාධ අවම කිරීම පිළිබඳ  (02) පෙරවරුවේ ජනාධිපති කර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ය.

    මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ නීති දැඩිව ක්‍රියාත්මක කරමින් මතින් නිදහස් රටක් ගොඩනැඟිමේ වැඩපිළිවෙළ ශක්තිමත්ව සහ කඩිනම්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහි දී ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    එමෙන්ම රට තුළ අපරාධ අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළේ ප්‍රගතිය ද සමාලෝචනයට ලක් කෙරිණි.

    විෂ මත්ද්‍රව්‍ය ආඥා පනතට අදාළ සංශෝධන ද කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බරපතළ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරය වෙත ගෙනයාම සහ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මත එම කටයුතු සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

    මත්ද්‍රව්‍ය විශ්ලේෂණයට අදාළ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    ඇමතිනි තලතා අතුකෝරාළ, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා යන මහත්වරුන් සහ වැඩබලන පොලිස්පති ඇතු`ථ ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya