මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති – අගරදගුරු හිමිපාණන් බැහැ දකී Featured

    අප්‍රේල් 22, 2019

    අද (22) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීය.

    පාස්කු ඉරුදින ආගමික වතාවත්වල නිරතව සිටිය දී කිතුණු බැතිමතුන්ට මුහුණදීමට සිදු වූ මෙම ඛේදජනක සිදුවීම පිළිබඳ මෙහිදී අගරදගුරු හිමිපාණන් වෙත සිය බලවත් කණගාටුව හා සංවේගය පළ කළ ජනාධිපතිතුමා මෙම තත්ත්වය හමුවේ ගෙන තිබෙන ඉදිරි පියවර පිළිබඳව ද උන්වහන්සේ සමඟ සාකච්ඡා කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ඉදිරියේ දී රට තුළ මෙවන් සිදුවීමකට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගැනීමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බවයි.

    අගරදගුරු හිමිපාණන් ඇතුළු සියලු පූජකවරුන් සහ දේවස්ථානවලට ආරක්ෂාව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එම ආරක්ෂක වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට ද තමා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබෙන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya