අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරගහකන්ද ව්‍යාපෘතිය නිමවීමත් සමඟ රජරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුව තිබෙනවා- ජනපති

    අප්‍රේල් 11, 2019

    මොරගහකන්ද – කළුගඟ මහා වාරි ව්‍යාපෘතිය නිමවීමත් සමඟ රජරට ප‍්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුව ඇති බව ජනාධිපතිතුමා පවසයි.

    වයඹ සහ නැගෙනහිර පළාත්වල ගොවි ජනතාවට ද එම ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ  ඊයේ පෙරවරුවේ (10) පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පුද බිමේ පැවති අලුත් සහල් මංගල්‍යයට එක් වෙමිනි.

    අපගේ සංස්කෘතිය සහ ගොවිතැන අතර පවත්නා චිරාගත ඥාතීත්වය පිළිඹිඹු කරන අලුත් සහල් මංගල්‍ය චාරිත‍්‍රය පොළොන්නරුවේ ගොවි ජනතාව ද අද උත්කර්ෂවත් අන්දමින් ඉටු කළහ.

    අලුත් සහල් මංගල්‍යය චාරිත‍්‍රය ආරම්භ කරමින් පොළොන්නරුව ගල්විහාර බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අසල දී කිරි ආහාර පූජාව පැවැත්වූ ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

    අනතුරු ව පැවති උත්සව සභාව අමතමින් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම වනුවෙන් එදා සිටම කැපවීමේන් කටයුතු කළ තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ව රටේ කෘෂිකර්මාන්තයේත්, ගොවි ජනතාවගේත් යහපත වෙනුවෙන් ගතයුතු සෑම තීන්දු තීරණයක්ම ගැනීමට නොපැකිළිව කටයුතු කළ බවයි.

    අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අලුත් සහල් මංගල්‍ය සංවිධානය කර තිබු අතර පොළොන්නරුව ඉසිපතනාරාමාධිපති උතුරු, උතුරු මැද, නැගෙනහිර යන පළාත්හි ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම ශ‍්‍රී ධම්මානන්ද නායක සවාමින් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද අමාත්‍ය වජිර අබේවර්ධන, වසන්ත සේනානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකර පේෂල ජයරත්න, පොළොන්නරුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති පේ‍්‍රමසිරි මුණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya