අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනයගරුක දරු පරපුරක් වෙනුවෙන් ගුරුවරයා සතු කාර්ය භාරය අසීමිත බව ජනාධිපතිතුමා පවසයි

    මාර්තු 12, 2019

    දරුවාගේ විනය පාලනය පාසල තුළින් සිදුවීම අපේ රටේ සම්ප්‍රදායිකව සිදු වූ නමුත් අද මානව හිමිකම් අනිසි ලෙස ගුරු භූමිකාවට මැදිහත්වීම යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමේ කාර්යයේ දී අභියෝගයක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

    කලාතුරකින් වූ වැරුද්දක් හේතුවෙන් ගුරුවරුන් දරුවන්ට දඬුවම් ලබාදීම පිළිබඳ සමාජය තුළ විවිධ මත පළ වුව ද යහපත් සහ ගුණ ගරුක සමාජයක් පිළිබඳ ගුරුවරයා සතු කාර්ය භාරය අසිමීත බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ මාතර, කොකාවල මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සමරු උත්සවයට  (11) පෙරවරුවේ එක්වෙමිනි.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දරුවාට නිවසින් මෙන් ම පාසලෙන් ද නිසි මඟ පෙන්වීම, ආදරය සහ රැකවරණය හිමි විය යුතු අතර එසේ නොවන විට දරුවන් මත්ද්‍රව්‍ය භාවිතය, අපරාධ වැනි සමාජ විෂමාචාරවලට යොමුවන බවයි.

    අද පෙරවරුවේ කොකාවල මධ්‍ය මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගත්තේ ය.

    “ළඟම පාසල හොඳම පාසල” ජාතික වැඩසටහන යටතේ විද්‍යාලයේ ඉදිකෙරුණු ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ සිසු ක්‍රියාකාරකම් දැක බලා ගැනීමට ද එක් විය.

    විදුහලේ හිටපු විදුහල්පතිවරයෙක් සහ ගුරු මැණිවරියක වන එමෙන්ම ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ද මුල් ගුරුවරුන් වන සිරිසේන විජේසිරිවර්ධන සහ කුසුමා විජේසිරිවර්ධන ගුරු පියාණන්ගේ සහ මෑණියන්ගේ ඡායාරූපවලට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මේ අතර විද්‍යාලයේ ආදි සිසු සංසදය මගින් ඉදිකිරීමට යෝජිත අංග සම්පූරණ ක්‍රීඩා මණ්ඩපය සඳහා මුල් ගල් තැබීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    එහි ඉදිකිරීම් වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයක් ද ජනාධිපතිතුමා විසින් සිදු කළේ ය.

    මාතර හම්බන්තර දෙදිසාවේ අධිකරණ සංඝනායක, පුහුල්වැල්ල, කිරින්ද පූර්වාරාම පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය අපරැක්කේ හිමරතන නායක ස්වාමින් වහන්සේ ද, ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රසපුත්‍ර, දකුණු පළාත් අමාත්‍ය මනෝජ් සිරිසේන, විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, විදුහල්පති ආර්.එම්.ආර්. බණ්ඩාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya