අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය කතාව අදයි

    මාර්තු 05, 2019

    දුප්පත්කම දුරු කිරීමට ඉවහල් වන නව ව්‍යවසායකත්වයන් ගොඩනැංවෙන යෝජනා ඇතුළත් සෑම අතින්ම ජනතාව සවිබල ගැන්වෙන අය - වැය මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    “ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාවක් බිහි කිරීම” පදනම් කරගනිමින් ජනතාවට දිරියෙන් නැඟී සිටීමට අවශ්‍ය ශක්තිය හා දුප්පතුන්ට රැකවරණය ලබාදෙන යෝජනා රජය සිය පස්වැනි අය - වැයෙන් ඉදිරිපත් කෙරෙයි.

    2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් වන අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400 ක් වනු ඇතැයි ගණන් බලා තිබේ.  අය වැය පරතරය 2020 වන විට ද. දේ. නි. යෙන් 3.5% ප්‍රතිශතයක් ලෙස අඩු කර ගැනීම ඉලක්ක කරගෙන කටයුතු කරන මෙම රජය 2015 වසරේ සිට ම ක්‍රම ක්‍රමයෙන් එම ඉලක්කය සපුරා ගනිමින් පවතී.

    අය වැය දෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මස 06 වැනි දින සිට 12 දින දක්වා පැවැත්වෙන අතර එදින සවස්වරුවේ දී දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. අය වැය තෙවැනි වර කියවීමේ කමිටු විවාදය මාර්තු මස 13 වැනිදා සිට අප්‍රේල් මස 05 දා දක්වා පැවැත්වීමෙන් අනතුරුව අප්‍රේල් මස 05 වැනිදා සවස් භාගයේදී අය වැය සඳහා වන අවසන් ඡන්ද විමසීම සිදු කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya