අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනපති අතින් ජනතා අයිතියට 

    පෙබරවාරි 26, 2019
    ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් මහනුවර මහ රෝහලට අනුබද්ධිත ව ඉදිකරන ලද වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  ජනතා අයිතියට පැවරිණි. 
    රජයේ කිසිදු මුදලක් වැය නොකරමින් පූර්ණ ලෙසම ජාතික වකුගඩු අරමුදලේ ප්‍රතිපාදන මත මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබීම විශේෂත්වයක් වන අතර මෙරට වකුගඩු රෝගින් වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ නමින් මෙම මධ්‍යස්ථානය නම් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබේ. 
    සමරු ඵලකය නිරාවරණය කර විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    අනතුරුව මහනුවර ගැටඹේ කි්‍රඩාංගණයේ පැවති ජන හමුවේ දී ශ්‍රී ලංකාවේ සමස්ථ වකුගඩු රෝගීන් වෙනුවෙන් සහ වකුගඩු ආසාදන රෝග මූලය සොයා ගැනීම වෙනුවෙන් අසම සම සේවාවක් ඉටුකළ සහ වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමට කැපවී සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ සේවය අගයමින් විශේෂ සම්මාන තිළිණයක් පිළිගැන්වීම  ජනාධිපතිතුමා අතින් සිදු විය.
    වකුගඩු රෝගී පවුල් 670 ක් සදහා ගෘහස්ථ ජල පෙරණ යන්ත්‍ර ලබාදීම සංකේතවත් කිරීම, වකුගඩු රෝගීන් 500 දෙනෙකුට රුධිර පීඩන මාපක ලබාදීම සංකේතවත් කිරීම, වකුගඩු රෝග නිවාරණය පිළිබද දීප ව්‍යාප්තව පාසල් දරුවන් අතර පැවති තර`ගාවලියේ මහනුවර දිස්ති්‍රක්කයේ ජයග්‍රාහක සිසුන්ට සම්මාන හා තිළිණ පිළිගැන්වීම ඇතු`ථ වැඩසටහන් රැසක් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 
    ජාතික වකුගඩු අරමුදල සදහා නිරෝගා ලොතරැයියේ දායකත්වය අගයමින් 2019 ජනවාරි මාසයට අදාළ දායකත්වය වන රුපියල් මිලියන 09.06 ක චෙක්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදු වූ අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් සිදු කරනු ලබන සුවිශේෂී කැපවීම උදෙසා උපහාර පුද කරමින් මහනුවර දිස්ති්‍රක් වකුගඩු ආරක්ෂණ සංගමය විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්වීය.
    එමෙන් ම මහනුවර දිස්ති්‍රක් වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය කඩිනමින් ඉදිකර ජනතා අයිතියට පවරාදීමට දායක වූ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරින් ද ජනාධිපතිතුමා අතින් ඇගැයීමට ලක් විය. 
    උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී්‍ර ගුණරත්න. හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න, හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද යන මහ්තවරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ද, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල, මහනුවර දිස්ති්‍රක් ලේකම් එම්.එන්.ජී.ජී. තිස්ස කරුණාරත්න, මහනුවර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya