අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස් දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති පිලිපීනය බලා පිටත්ව යයි

    ජනවාරි 15, 2019

    පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටේට් Rodrigo Duterte මැතිතුමාගේ විශේෂ නිල ආරාධනය පරිදි පිලිපීනයේ පස් දින රාජ්‍ය සංචාරයක් ස`දහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (15)  දිවයිනෙන් පිටත්ව ගියේ ය.

    දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ඉහළ නංවා ගැනීම මෙම සංචාරයේ අරමුණ වන අතර ඒ පිළිබඳ නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ දී අත්සන් තැබීමට නියමිතය.

    පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටේට් මැතිතුමා සහ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා හෙට පෙරවරුවේ පැවැත්වෙන අතර දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින සබඳතා අන්‍යෝන්‍ය ප‍්‍රතිලාභ අරමුණු කරගනිමින් නව ක්ෂේත‍්‍රයන් කරා ව්‍යාප්ත කිරීමේ හැකියාව පිළිබඳ එහිදී රාජ්‍ය නායකයන්ගේ විශේෂ අවධානය යොමු වනු ඇත.

    සිය සංචාරයේ දී පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස්හි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකට එක්වන ජනාධිතිතුමා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා ඕ මහතා (Takehiko Nakao)  සමග ද සාකච්ඡා පවත්වනු ඇත.

    ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා මුලින්ම ඇරඹෙන්නේ 1961 වසරේ දී ය. 1978 වසරෙන් පසුව ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට පිලිපීනයේ රාජ්‍ය සංචාරයක් සදහා ආරාධනා ලැබෙන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

    2019 වසරේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පළමු විදේශ සංචාරය මෙය වන අතර පිලීපීනයට මෙම වසරේ රාජ්‍ය නායකයෙකු පැමිණෙන පළමු අවස්ථාව ද මෙයයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත ගෞරවණීය පිළිගැනීමක් ලබාදීමට පිලිපීන රජය සියලු කටයුතු සුදානම් කර තිබෙන අතර ලෝකයේ සියලු රටවල් සමග මිත‍්‍රත්වය ගොඩනගා ගනිමින් සමෘද්ධිමත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමට එම සියලු දෙනාගේ අතහිත ලබා ගැනීමේ ජනපතිගේ මිත‍්‍රශිිලි විදේශ පිළිවෙතේ තවත් සුවිශේෂි සංචාරයක් ලෙස මෙම සංචාරය සනිටුහන් කෙරෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya