අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුදු දහම විකෘති කොට පොතපත පළ කිරීම වැළැක්වීමට නව පනතක් ගෙන එන බව බුද්ධ ශාසන ඇමති කියයි

    ජනවාරි 02, 2019

    බුද්ධ ධර්මය හා බුද්ධ චරිතය විකෘති කරමින් හා විවිධ අර්ථකතන සපයමින් පොතපත හා කැසට්පට ප්‍රකාශයට පත් කිරීම වළක්වාලීම සදහා නව පනතක් ගෙන එන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසු බුද්ධ ධර්මය විකෘති කරන අයට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට හැකිවන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවේදීය.

    ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවැති මෙම මාධ්‍ය හමුවේදී තව දුරටත් අදහස් දැක්වූ ජයවික්‍රම පෙරේරා මහතා ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමෙන් පසු ත්‍රිපිටකය යළි මුද්‍රණය කිරීමේ හා සංශෝධනය කිරීමේ තනි අයිතිය රජය සතුවන බවත් වෙනත් කිසිවෙකුට ඉන් පසු ත්‍රිපිටකය මුද්‍රණය කිරීමට නොහැකිවන බවත් කීය.

    මෙම පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් සකස් කොට මහානායක හිමිවරුන්ගේද අදහස් විමසා යළි සංශෝධනය කිරීමෙන් පසු කැබිනට් අනුමැතිය ලබාගෙන එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya