අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආශිර්වාද පූජාවට ජනපති එක් වෙයි.

    ජනවාරි 02, 2019

    කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක සහ කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤණිස්සර නායක හිමිපාණන් වහන්සේට සෙත් පතමින් ඊයේ(01) පස්වරුවේ ගංගාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද පූජාව සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක් විය.

    සෑම දෙසැම්බර් 31 වැනිදාවකම මධ්‍යම රාති්‍රයේ සිට ජනවාරි 01 වැනිදා දක්වා ගංගාරාම විහාරස්ථානයේ සාම්ප්‍රදායානුකූලව පැවැත්වෙන ආගමික වැඩසටහනට සමගාමීව රෝගාතුරුව වැඩවෙසෙන උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මෙම ආශිර්වාද පූජාව සංවිධානය කර තිබුණි.

    අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත වූ අතර අනතුරුව ආශිර්වාද පූජාවට සහභාගී විය. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළහ. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් පිංකමට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya