අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතෘ භූමිය වෙනුවෙන් තීන්දු තීරණ ගනිමින් නිර්භීතව කටයුතු කරන ජනපතිට සියලු මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවෙනවා

    දෙසැම්බර් 09, 2018

    ඇතැම් පිරිස්වල ක්‍රියාකාරකම් හමුවේ රටක් වශයෙන් අභියෝගයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ නිරතුරුව මාතෘ භූමිය වෙනුවෙන් තීන්දු තීරණ ගනිමින් නිර්භීතව කටයුතු කරන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සියලු මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වන බව ශාස්ත්‍රපති පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරති.

    මනම්පිටිය පාලම අසල ශ්‍රී වාලුකානදී බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද විතර්ක මුද්‍රාවෙන් වැඩ සිටින ශ්‍රී සම්මා සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සහ අභිනව බෝධි ප්‍රාකාරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (08) පස්වරුවේ පැවැත්වුණු අතර එහි දී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

     

    මෙහි දී අදහස් දැක්වූ දිඹුලාගල බුද්ධශ්‍රාවක මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී කුඩාවැව ශ්‍රී ච්ත්තාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර ස්වාමින් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද ජාතික වශයෙන් විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා සේ ම ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ද ඉටුකරමින් සිටින්නේ ලක් ඉතිහාසයේ කිසිදා ඉටු නොවූ සේවාවක් බවයි.

    ශ්‍රී වාලුකානදී බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව අභිනව සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමට සහ බෝධි ප්‍රාකාරය විවෘත කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කරනු ලැබීය.

    අභිනව සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත පළමු මහල් පහන් පූජාව ද ජනාධිපතිතුමා විසින් සිදු කරනු ලැබීය. පොළොන්නරුව බෞද්ධ සංගමයේ සහ දායකකාරකාදීන්ගේ දායකත්වයෙන් මෙම අභිනව ඉදිකිරීම් සිදු කර ඇති අතර ඊට දායකවූවන්ට සහතික පත් සහ තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    උතුරු උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පොළොන්නරුව ඉසිපතන විහාරාධිපති පූජ්‍ය උඩගම ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහි දී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
    මහජන නියෝජිතයන් ඇතුළු ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya