අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය සිසුවාගේ නව නිවසක සිහිනය සැබෑ වෙයි

    දෙසැම්බර් 09, 2018

    2018 අගෝස්තු 02 වනදා ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරුණු පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව කි්‍රකට් කි්‍රඩාංගණය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවේ දී විද්‍යාලයේ 09 වසරේ ඉගෙනුම ලබන ශාලික ලක්ෂාන් සිසුවා ජනාධිපතිතුමා ඉදිරියේ කතාවක් ඉදිරිපත් කළේය.

    ඉතා චතුර ලෙස කතාව ඉදිරිපත් කළ සිසුවා තමා ළගට කැදවාගත් ජනාධිපතිතුමා ඔහුගේ දක්ෂතා අගය කරමින් අඩු පාඩු පිළිබදව ද විමසා බැලීය. අනතුරුව සිසුවාගේ ඉල්ලීම පරිදි 2018 අගෝස්තු 04 වනදා පොළොන්නරුව, පරාක්‍රම සමුද්‍රය අසල, ගනන්ගොල්ල නව නගරයේ පිහිටි ඔහුගේ නිවසට ගොඩවැදුණු ජනාධිපතිතුමා ධීවර කර්මාන්තයේ නිරතව දරුවන් තිදෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් දුෂ්කරතා රැසක් මැද ජීවිකාව ගෙන යන කේ.ආර්. ජයතිලක මහතා ඇතුළු එම පවුලේ අසීරුතාවයන් සියැසින් දැක බලා ගත් අතර අඩක් ඉදිකර තිබෙන ඔවුන්ගේ නිවස කඩිනමින් සම්පූර්ණ කර දෙන බවට ද සහතික විය.

    ඒ අනුව පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදුකෙරෙනු තවත් ප්‍රජා සත්කාරයක් ලෙස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ශාලික ලක්ෂාන් සිසුවාගේ නිවස කඩිනමින් අංග සම්පූර්ණ නිවසක් ලෙස ඉදිකෙරුණු අතර, එම නව නිවස විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ශාලික ලක්ෂාන් සිසුවාගේ සිහිනය සැබෑ වූ මෙම සුබ අවස්ථාවට ආශිර්වාද පළ කිරීමට පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක ශ්‍රී විද්‍යාලෝක විහාරාධිපති දෙමුන්නෑවේ ශ්‍රී උපරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ.

    සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නිවස විවෘත කළ ජනාධිපතිතුමා පවුලේ සාමාජිකයන් සමග සුහද කථා බහක නිරත වූ අතර, සිසුවාගේ අනාගත සිහින පිළිබදව ද එහි දී විමසා බැලු ජනාධිපතිතුමා ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සහය ලබා දෙන බවට ද පොරොන්දු විය.

    ජනාධිපතිතුමාගේ පැමිණිම සැලවීමෙන් ප්‍රදේශවාසින් විශාල පිරිසක් ද එම නිවස අසලට රැස්ව සිටී අතර නිහතමානී රාජ්‍ය නායකයෙකු ලෙස ඔවුන්ගේ ද තොරතුරු විමසීමට අමතක නොකළ ජනාධිපතිතුමා එම ජනතාව ඉදිරිපත් කළ ඉල්ලීමි කිහිපයක් පිළිබදව ද අවධානය යොමු කළේය.

    පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍ ප්‍රභාත් අභයවර්ධන, පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති රවිලාල් විජේවංශ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya