මීට අමතරව, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, පෝස්ටර්,බැනර් ,අත්පත්‍රිකා,විද්‍යුත් හෝ මුද්‍රිත මධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වෙයි.
යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසළකා ක්‍රියා කරනු ලැබුවහොත් ඒ තැනැත්තාට හෝ ආයතනය හෝ එම පාර්ශවය වරදකරුවන් වන බව විභාග කොමසාරි ජනරාල් බී. සනත් පූජිත මහතාගේ අත්සනින් යුතු නිවේදනයේ දැක්වෙයි.
කිසියම් ආකාරයකින් මෙම නියෝග කඩ කරන සිදුවීමක් වුවහොත් ළඟම පවතින පොලිස් ස්ථානය,පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පහත සඳහන් අංකවලට පැමිණිලි කළ හැකිය.
විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය- 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව- 0112784208/ 01127784537/ 0113188350/ 0113140314
පොලිස් මූලස්ථානය- 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය- 119