අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි ...

    අගෝස්තු 25, 2018

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

     දේහය තැන්පත් කර ඇති වීරකැටිය, මැදමුලන නිවසට අද (25) උදෑසන  ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුථ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

     අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි්‍රය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි යන මහත්වරුන් ඇතුථ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya