අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීම හා වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 24, 2018

    රුපියල් මිලියන 16,000 ක් වැය කරමින් ඉදි කෙරෙන වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාව අද (24) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගමදි පැවැත්විණි. 

    මේ අතර එල්ලංගා පද්ධති මගින් සබැදුණ ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සනිටුහන් කිරීම ද අද දින පොල්පිතිගම කුඹුකුලාව වැව පරිශ්‍රයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මේ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් වැව් 300 ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර ජනාධිපතිතුමා සහ ගොවි ජනතාව අතින්  පොල්පිතිගම කුඹුකුලාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමත් සමග එම වැඩපිළිවෙළේ සමාරම්භය සනිටුහන් කෙරිණි.

    අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, එස්.බී. නාවින්න, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර යන මහත්වරුන් සහ වයඹ පළාතේ මහජන නියෝජිතයින් රැසක් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සහ ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් ඇතුථ නිලධාරින් ද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුථ පිරිසක් මීට එක්ව සිටියහ.

    ( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya