අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රාජකාරි අරඹයි

    අගෝස්තු 24, 2018

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන යූ.පී.එල්.ඩී. පතිරණ මහත්මිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ඉදිරියේ අද (24) දින පෙරවරුවේ වැඩභාර ගනු ලැබීය.

    මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂවේදී උපාධිධාරිණියකි. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක්ද හිමි කර ගෙන ඇත.

    1998 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට බැඳුණු එතුමිය යෞවන කටයුතු අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය යන රාජ්‍ය ආයතන රැසක සේවය කර ඇති අත්දැකීම් බහුල නිලධාරිනියකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya