අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 30කට ආසන්න කාලයක් භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි නවීකරණය කරන අයුරු ප්‍රවාහන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට Featured

    අගෝස්තු 17, 2018

    වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව 1989 හා 1992 වසර වල ආනයනය කරන ලද දැනට භාවිතයෙන් ඉවත්කර ඇති දුම්රිය මැදිරි 200ක් පුර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

    දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව පෞද්ගලික සමාගමක් විසින් මෙම නවීකරණ කටයුතු ආරම්භ කර ඇති අතර මේවන විටත් දුම්රිය මැදිරි කිහිපයක් ධාවනයටද එක් කර ඇත.

    මෙම නවීකරණ කටයුතු පිළිබදව සොයා බැලීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (17) පෙරවරුවේ දෙමටගොඩ ආරාම පාරේ පිහිටි එම කර්මාන්තශාලා පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    මෙම ව්‍යාපෘතිය යටතේ 1989 වසරේ හා 1992 වසරේ රුමේනියාවෙන් මෙරටට ආනයනය කරනු ලැබු පරිහරණයෙන් ඉවත දැමු මැදිරි 140 ක් හා 1992 වසරේ ආනයනය කල S8 බලවේග කට්ටල වලට අයත් මැදිරි 60 ක් නවීකරණය කිරිමට කටයුතු කරනු ඇත. නවීකරණය කරන ලද මැදිරියක වගකීම් කාලය (warranty ) වසර 15 කි.


    මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය අනුව මේවන විට දුම්රිය මැදිරි 30 ක් සම්පූර්ණ වශයෙන් නිමකොට දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ධාවනය සඳහා භාරදී ඇති අතර කර්මාන්තශාලව තුල තවත් දුම්රිය මැදිරි 26 ක ඉදිකිරීම් නිමවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    මෙම මැදිරිවල පිටත සහ ආසන, වැසිකිලි ඇතුළු උපාංග සහිත අභ්‍යන්තර කොටස් පෞද්ගලික සමාගම විසින් නවීකරණය කරන අතර, තිරිංග සහ ස්වයංක්‍රීය ඇමුණුම් පද්ධතියේ අළුත්වැඩියාවන් දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ප්‍රධාන ඉංජිනේරු කර්මාන්තශාලාව මගින් සිදු කෙරේ. එක් මැදිරියක් නවීකරණය කිරිම සදහා රුපියල් මිලියන 14ක මුදලක් වැය වන අතර මෙවැනි මැදිරියක් ආනයනය කිරිමට රුපියල් මිලියන 60ක් පමණ වැය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. සමස්ත ව්‍යාපෘතිය සදහා වැයවන මුදල රුපියල් බිලයන 2.4කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya