අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සරසවිවල නවක වදයට එරෙහිව දැඩි පියවර ගන්නවා

    අගෝස්තු 17, 2018

    විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය සිදුකරන අයට එරෙහිව 1998 අංක 20 දරණ නවක වදය තහනම් කිරීමේ පනත යටතේ දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    නවක වදයට ගොදුරුවන සිසුන්ගේ පැමිණිලි අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා පොලිස්පතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් මගින් පොලිසිවලට උපදෙස් ලබා දී ඇති බවත් පොලීසිය නවක වද සිද්ධීන් පිළිබඳ නවක වද පනතේ වගන්ති අනුව අපරාධ නීතිය යටතේ නඩු පවරනු ඇති බවත් උසස් අධ්‍යාපන හා සිස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයද්‍රස රාජපක්ෂ මහතා අද (17) එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

    නවකවද පනත යටතේ වරදකරුවන් වන අයට අධිකරණය මගින් බරපතල වැඩ සහිතව අවුරුදු 10 දක්වා සිරදඬුවම් නියම කළ හැකිය.

    පසුගිය අධ්‍යයන වර්ෂ දෙක තුළ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි වූ සිසුන් අතරින් සිසුන් 1989 දෙනෙකු නවක වදයට ඇති බිය නිසා විශ්වවිද්‍යාල හැරගොස් තිබේ. මේ වන විට සිසු සිසුවියන් 14 දෙනෙකු නවකවදය හේතුකොටගෙන මරණයට පත් වී ඇති බවද සංඛ්‍යාෙල්ඛන උපුටා දක්වන ඇමතිවරයා කීය.

    අන්තවාදී දේශපාලන පක්ෂයකට අයත් කල්ලියක් මේ රටේ උසස් අධ්‍යාපනය විනාශ කිරීමට කටයුතු කරණ බවට චෝදන කළ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ රටේ විශ්ව විද්‍යාල වල අධ්‍යපනය ලබන 91,400ක් පමණ වන සිසුන් මෙම මැරකල්ලි නිසා පීඩාවට පත් වී සිටින බවද පැවසීය.

    පසුගිය සතියේ නයිවල උසස් අධ්‍යාපන ආයතනයට ඇතුළත් වූ නවක සිසුන් 5 දෙනෙකු නවක වදයට විරෝධය දැක්වීම නිසා 40ක පමණ පිරිසක් එක් වී ඔවුන්ට තදබල ලෙස පහරදී ඇති බව සඳහන් කළ ඇමතිවරයා එසේ පහරකා රෝහල්ගත වී ප්‍රතිකාර ලැබූ ශිෂයකු මාධ්‍ය හමුවට කැඳවගෙනවිත් මාධ්‍යවේදීන්ට පෙන්වීය.

    රජය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන එක් ශිෂ්‍යයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ත් ලක්ෂ 15ත් අතර වූ මුදලක් වාර්ෂිකව වැය කරයි. එබැවින් විශ්ව විද්‍යාල වලට එවන තම දරුවන්ගේ කටයුතු ගැන සොයාබැලීම දෙමව්පියන්ගේද යුතුකමකි. එහෙත් විශ්ව විද්‍යාලය තුළ සිසුන් විසින් කරනු ලබන කටයුතු ගැන දෙමව්පියන්ට දන්වා නොයවන ලෙස ඉල්ලමින් රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පංති වර්ජනය කිරීම නිසා එම විශ්ව විද්‍යාලයේ පීඨ 05ක් වසා දමා ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් සිල්වා මහතා නවකවදය පිළිබඳව පැමිණිලි කරීම සඳහා ප්‍රතිපාදන කොමිසම මගින් විශේෂ පැමිණිලි ඒකකයක් පවත්වාගෙන යන අතර මේ වන විට එයට පැමිණිලි 417ක් ලැබී ඇති බවද කීය.

    මෙවර විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගනු ලබන සිසුන්ට යවන අයදුම් පත් සමග නවකවද පනත ගැන දෙමව්පියන් දැනුම්වත කිරන ලිපියක්ද යැවීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya