අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා - තුරුණු දිරිය” ණය ලබා දීමෙන් ගාල්ල දිස්ත්‍රික්කය පෙරමුණේ

    අගෝස්තු 17, 2018

    ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන ''තුරුණු දිරිය'' ණය යෝජනා ක්‍රමය යටතේ තරුණ ව්‍යවසායකයින් 9 දෙනෙක් සඳහා ණය මුදල් නිදහස් කිරීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කය දිවයිනෙන්පෙරමුණ ගැනීමට සමත් ව සිටී.

    මෙය අනාවරණය වූයේ 2018 අගෝස්තු මස 08 වන දින ලංකා බැංකුව මඟින් සතිපතා නිකුත් කරන ''තුරුණු දිරිය''ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නවතම ප්‍රගති සමාලෝචන වාර්තාව මගිනි. මේ අතර, පළාත් වශයෙන් ණය මුදල් නිදහස් කිරීමෙන් බස්නාහිර පළාත තරුණ ව්‍යවසායකයින් 13 දෙනෙක් උදෙසා ණය මුදල් නිදහස් කිරීම හේතුවෙන්, පළාත් අතුරෙන් පෙරමුණ ගෙන සිටී. එමෙන්ම, එම වාර්තාව පෙන්වා දෙන්නේ ''තුරුණු දිරිය''ණය යෝජනා ක්‍රමයේ පළාත් වශයෙන් වන ප්‍රගතිය, පෙර සතියට සාපේක්ෂව 40% ක වර්ධනයක් ඇති බවයි.

     

    ''එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා - තුරුණු දිරිය'' ණය යෝජනා ක්‍රමය සඳහා ශ්‍රී ලංකාවේ සියළුම ප්‍රදේශවල තරුණ ව්‍යවසායකයින්ගේ උනන්දුව දිනෙන් දින වර්ධනය වන බැව් පෙනී යන කරුණකි. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අදාළ පාර්ශවයන්ගේ කැපවීම අගය කළ යුතු අතර මෙහි සාධනීය ප්‍රගතිය ඔවුන්ගේ නොමද කැපවීම මනාව පිළිඹිබු කරයි.


    ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ, මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සමඟ එක්ව ක්‍රියාත්මක කරන “තුරුණු දිරිය'' ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් වයස අවුරුදු 35ට අඩු උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි තරුණ ව්‍යවසායකයින් උදෙසා ඇප/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව ණය පහසුකම් ලබා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya