අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික සහජීවන දහම් පාසල් වැඩසටහන- 2018 වේයන්ගොඩ, පත්තලගෙදර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී

    අගෝස්තු 17, 2018
    2018 - ආගමික සහජීවන දහම් පාසල් වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (17) පස්වරු 2.00ට වේයන්ගොඩ, පත්තලගෙදර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී පැවැත්වේ.
     
    බුද්ධශාසන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහනේ සම්රම්භක උත්සවය සඳහා බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, තැපැල් හා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, ජාතික ඒකාබද්ධතා හා සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් යන මහත්වරු මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
     
    මෙම වැඩසටහන මේ මස 18 හා 19 දෙදින වේයන්ගොඩ, පත්තලගෙදර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී  පැවැත්වෙන අතර ඒ සඳහා බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි දහම් පාසල් දරුවන්, ගුරුවරුන් හා දෙමාබියන් ඇතුළු 300ක පමණ පිරිසක් සහභාගි වනු ඇත.
     
    බුද්ධශාසන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි විෂයභාර දෙපාර්තමේන්තු හා ඒකාබද්ධව සියලු ආගම් හා එම ආගම්වලට සම්බන්ධ සංස්කෘතීන් පිළිබඳ ව දරුවන්ගේ අවබෝධය වැඩිදියුණු කිරීමත් සමයාන්තර සහජීවනය වර්ධනය කිරීමත් අරමුණු කර ගෙන සියලු ආගම්වලට අයත් දහම් පාසල් දරුවන්, ගුරුවරුන් හා දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වේ.
     
     dmu - Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya