අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පිහිනුම් ශූර අකලංක පීරිස්ට ඉන්දුනීසියවේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ වරම්

    අගෝස්තු 15, 2018

    මෙරට ක්‍රීඩකයකුට විදේශයකදී ජාතික විභාගයකට පෙනී සිටීමට ලද ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ

    ජාතික පිහිනුම් ශූරයකු වන ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ශිෂ්‍යයාට මෙවර ජාත්‍යන්තර කණිෂ්ඨ ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සිට උසස් පෙළ විෂයන් තුනකට පෙනී සිටීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබේ.

    අකලංක පීරිස් ශිෂ්‍යයා සාමාන්‍ය පෙළ විභාගයේ දී A සාමාර්ථ 9 ක් සමගින් සමත් වී වාණිජ විෂය ධාරාවෙන් මෙවර අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී සිටිනවා. මේ මස 18 වැනි දින සිට 23 වැනි දින දක්වා ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කණිෂ්ඨ ඔලිම්පික් තරගාවලියේ පිහිනුම් ඉසව් නියෝජනය කිරීම සඳහා ඔහු අද දින (15) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර එහිදී සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය පොදු පරීක්ෂණය හා ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රයට ඉදිරිපත්වීමට සූදානම්ව සිටී.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා විසින් මේ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස්කර තිබේ.

    ජාතික ඔලිම්පික් කමිටුවේ ඉල්ලීමකට අනුව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම අවස්ථාව ලබා දී ඇති අතර ඒ සඳහා විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකු ද එක්වීමට නියමිතය. මෙයට අමතරව ඉන්දුනීසියාවේ මෙරට මහකොමසාරිස් කාර්යාලය ද මේ සඳහා දායකත්වය ලබාදේ.

    මේ සම්බන්ධව අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ විභාගයේ රහසිගතභාවය හා විනිවිදභාවය ආරක්ෂා වන පරිදි මෙරට වේලාවෙන්ම විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

    ජාතික පිහිනුම් ශූර අකලංක පීරිස් අද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමු වී තමාට මෙම අවස්ථාව ලබාදීම සම්බන්ධව කෘතවේදීත්වය පළ කළ‍ේය. එමෙන්ම බොහෝ පාසල් ක්‍රීඩකයින් අධ්‍යාපනය සහ ක්‍රීඩාව සමබර කරගැනීමට නොහැකිවීම හේතුවෙන් බොහෝදුරට අධ්‍යාපන කඩඉම් සාර්ථකව පසුකර ගැනීමට අපොහොසත්වන බවත් ක්‍රීඩාව සහ අධ්‍යාපනය යන කඩඉම් දෙකම ජයග්‍රහණය කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදුන් දායකත්වය සම්බන්ධයෙන් කෘතවේදී වන බව ද සඳහන් කලේය.

    මීටර් 50 පසුපස ආර, මීටර් 100 පසුපස ආර සහ මීටර් 50 සමනල ආර තරග සඳහා ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියන්නේ අකලංක පීරිස් ශිෂ්‍යයායි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ දක්ෂ ක්‍රීඩකයින් මෙන්ම අධ්‍යාපනයේ දක්ෂයින් ද ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණයට එළඹි බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya