අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවදානම් කලාප ගැන වැඩි අවදානයක් යොමු කරන්නැයි නිලධාරීන්ට උපදෙස්.

    අගෝස්තු 15, 2018

    වැසි තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරන බව කාලගුණ හා ආපදා අංශ විසින් දැනුම්වත් කර ඇති බැවින් අවදානම් කලාප කෙරෙහි වැඩි අවදානයක් යොමු කරන්නැයි වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

    රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (15) අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ පිළිබඳ පුළුල්ව කරුණු විමසා සිටියේය.

    අවදානම් කලාපවල දිස්ති‍්‍රක් ලේකම්වරුන් මෙන්ම ප‍්‍රාදේශීය ලේකම්වරුන්ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර දිනපතා තොරතුරු ලබා ගැනීමක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

    එමෙන්ම හදිසි අවශ්‍යතා සහිත ස්ථාන සම්බන්ධයෙන්ද කරුණු විමසූ  රාජ්‍ය අමාත්‍යවරයා,  එම අවශ්‍යතාවන් ඇත්නම් ඒවා කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙසද දැන්වීය.

    මෑත කාලය තුළ කාලගුණ හා අනෙකුත් අංශ විසින් ලබා දෙන අනාවැකි සියයට සියයක්ම සාර්ථක බවත්, එම තත්ත්වය තුළ ආපදා අවම කර ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එමෙන්ම ආපදා කළමනාකරණයේදී ශී‍්‍ර ලංකාව වඩාත් සාර්ථක ක්‍රියාදාමයකට අවතීර්ණ වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya