මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය අනතුර පිළිබඳ විධිමත් පරීක්ෂණයක්

    අගෝස්තු 07, 2018
    ඊයේ (06) පස්වරු 04.30 ට කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ ඊට පිටුපසින් පැමිණි රඹුක්කන දක්වා ධාවනය වු බලවේග කට්ටල දුම්රිය ගැටීම නිසා සිදුවු අනතුර පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊයේ රාත්‍රියේදීම දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතාට නියෝග කර ඇත. 
     
    ඒ අනුව අනතුර සිදුකළ අදාළ දුම්රියේ රියදුරුවරයාගේ සේවය තාවකාලිකව නවත්වා පරීක්ෂණය පවත්වන ලෙසටද, අමාත්‍යවරයා උපදෙස් දෙන ලදි. ඒ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කරන ලෙසටද, අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙන ලදි. කිසිම අයුරකින් මෙම අනතුර සම්බන්ධව වැරදිකරුවකු වන අය තරාතිරම නොබලා විනයානුකූලව දඬුවම් කිරීමට කටයුතු කරන ලෙසටද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දෙන ලදි.
     
    විශේෂයෙන් දුම්රිය සේවාව පිළිබඳව ජනතාව අතර ගොඩනැගෙමින් පවතින විශ්වාසය, මෙවැනි අපරික්ෂාකාරී දුම්රිය රියදුරන්ගේ ක්‍රියා තුළින් බිඳවැටෙන අතර, එය කණගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා පවසයි. එමෙන්ම දහස් ගණනක මගී ජනතාවගේ ජීවිත පිළිබඳව වඩාත්ම සැළකිලිමත්ව දුම්රිය රියදුරන් කටයුතු කළ යුතුයැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya