අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතියේ අනාගතය වෙනුවෙන් තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීමට එක්වන ලෙස ජනපති සියලුදෙනාට ආරාධනා කරයි Featured

    අගෝස්තු 07, 2018

    තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම යනු රටත්, ජාතියත් ජයග‍්‍රහණය කරා ගෙනයාම වන අතර, ජාතියේ හෙට දවස වෙනුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වන ලෙස ජනාධිපතිතුමා සියලු දේශපාලන නායකයින්ට, විද්වතුන්ට, පෞද්ගලික අංශය, ව්‍යාපාරිකයින් ඇතුළු සියලු ක්ෂේත‍්‍ර නියෝජනය කරන පිරිස් වෙත සහ පාසල් දරුවන් ඇතුළු සමස්ත පුරවැසියන්ට ආරාධනා කරයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම ආරාධනාව සිදු කළේ “තිරසර දැක්ම එළිදැක්වීම සහ තිරසර කතිකාව ජනගත කිරීමේ” අවස්ථාවට  ඊයේ (06) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එක්වෙමිනි.

    ජාතික තිරසර කතිකාව උදෙසා සකස් කළ කෙටුම්පත ජාතික තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් කමිටුවේ ප‍්‍රධානී මහාචර්ය මොහොන් මුණසිංහ මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    ජාතික තිරසර කතිකාව සෑම දෙනාගේම අදහස් ලබා ගැනීමට ඉතා යුහුසුළුව කි‍්‍රයාත්මක වන්නකි. මෙය සෑම පළාතක් තුළම ව්‍යාප්ත කෙරේ. ජනමාධ්‍ය මගින් ප‍්‍රකාශ වන සහ නොවන ගැටලු හදුනා ගැනිම සහ ජනතාවට ඝෘජුව කතිකාවට දායකවීමේ වරම මෙමගින් උදාවේ.

    ශ‍්‍රී ලංකාවේ හැකියාවන් පිලිබිඹු කරමින් ඉදිරි වසර 12 තුළ රටේ දිගුකාලීන ආර්ථික, සාමාජයීය හා පරිසරික අරමුණු නිශ්චය කිරිම වෙනුවෙන් සැලැස්මක් සකස් කිරීම මෙහි ප‍්‍රමුඛ අරමුණයි. තරුණ ප‍්‍රජාව, විද්වතුන් හා වෘත්තිකයින් මෙම කතිකාව හා සම්බන්ධ කර ගැනීම ඉලක්ක කෙරේ. කතිකාවෙන් අනතුරුව එහි ප‍්‍රතිපෝෂණය ලබාගෙන වාර්තාව නැවත යාවත්කාලීන කෙරෙණු ඇත.

    ජාතික තිරසර කතිකාවට අදාළ වෙබ් අඩවිය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර ජංගම දුරකථන යෙදවුම් ඔස්සේ ද ජාතික තිරසර කතිකාවට එක්වීමේ හැකියාව පවති. www.nsd.lkවෙබ් අඩිවිය ඔස්සේ ජාතික තිරසර කතිකාව හා එක් විය හැකිය.

    මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා ජාතික තිරසර කතිකාව වෙත විශේෂ යෝජනා දෙකක් ද ඉදිරිපත් කරනු ලැබීය. ඒ අලි මිනිස් ගැටුමට ස්ථීරසාර විසදුමක් සෙවීම සහ රටේ ආහාර නිෂ්පාදනයෙන් සියයට 32 කට වැඩි ප‍්‍රමාණයක් සතුන් විසින් විනාශකර දැමීම නිසා මතුව ඇති ගැටලුනට විසදුම් ලබා ගැනීම පිළිබඳ සියලුදෙනාගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම පිළිබඳවයි.

    මෙම ගැටලු පිළිබඳ විවේචන සහ චෝදනා බොහෝ කලක සිට පවතින අතර ඒ පිළිබඳ රජයන් විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කළ ද මෙතෙක් නිසි විසඳුමක් ලැබි නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ පිළිබඳ සිය යෝජනා දේශපාලන පක්ෂ භේදයෙන් සහ දේශපාලන කුහකත්වයෙන් තොරව ඉදිරිපත් කරන ලෙස එම විවේචන සහ චෝදනා කරන සියලුදෙනාට ආරාධනා කළ අතර, අවශ්‍යනම් තමා පෞද්ගලිකවම හමුවී වුව ද එම යෝජනා භාරදිය හැකි බව කියා සිටියේය.

    එමෙන්ම තිරසර සංවර්ධන කතිකාව විවේචනයට, සංවාදයට සහ සාකච්ඡුාවට විවෘත අතර විවේචන සතුටින් භාරගන්නා නමුත් අවශ්‍ය වන්නේ විසදුම් සහ කි‍්‍රයාත්මක කළ හැකි යෝජනා සහයෝගය සහ සහභාගිත්වය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    මේ අතර වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා මොරගහකන්ද – කළුඟග මහා වාරි ව්‍යාපෘතියට සමගාමීව සිදු කෙරෙන වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සඳහා සිය දායකත්වය සැපයීමට මව් රටට පැමිණෙන ලෙස විදෙස්ගතව සිටින සියලු ශ‍්‍රී ලාංකික ඉංජිනේරුවන්ට ආරාධනා කළේය.

    විදෙස්ගතවීමට සූදානමින් සිටින ඉංජිනේරුවන් වෙත ද විවෘත ආරාධනාවක් සිදු කළ ජනාධිපතිතුමා කියා සිටියේ රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීමට තව වසර කිහිපයක් හෝ මවු බිමේ රැදී සිටින ලෙසයි.

    පාසල් දරුවන් නියෝජනය කරමින් දරුවන් කිහිප දෙනෙකු වෙත තිරසර සංවර්ධන කතිකාවට අදාළ කෙටුම් පත පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද, හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්, තානාපතිවරුන් සහ විදෙස් නියෝජිතයන් ද, තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති විද්වත් කමිටුවේ ප‍්‍රධානී මහාචාර්ය මොහාන් මුණිසිංහ මහතා ඇතුළු එහි සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya