අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යවේදීන් තැතිගැන්වීම පිළිගත නොහැකියි -නිව්යෝක් ටයිම්ස් ජාත්‍යන්තර කර්තෘ

    ජූලි 03, 2018

    නිව්යෝක් ටයිම්ස් පුවත්පත හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ජූනි 26 දින සිදු කළ හෙළිදරව් කිරීමට සහාය දැක් වූ ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ විවේචනය කිරීම, විවේචකයින් නිහඬ කිරීම සහ ජනමාධ්‍ය නිදහස නිහඩ කිරීමේ උත්සහායක් ලෙස පෙනී යන බව නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි ජාත්‍යන්තර කර්තෘ Michael Slackman මහතා පවසයි.

    ශ්‍රි ලාංකික ජනමාධ්‍යවේදීන්  බියගැන්වීමේ ව්‍යාපාරය යන හිසින් Michael Slackman  මහතා විසින් අද(03) දින නිකුන් කරන ලද නිවේදනයක මේ බව දැක්වේ.

    හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කල වාර්තාව පිළිබඳ ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යම් ගැටලුවක් වේ නම්, ''නිව්යෝක් ටයිම්ස්'' පුවත්පතෙහි ජ්‍යේෂ්ඨ කර්තාවරුන් අමතන ලෙස නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි ජාත්‍යන්තර කර්තෘ Michael Slackman මහතා ඉල්ලා සිටියි. තමන් අයත් වන හෝ වෙනත් ප්‍රවෘත්ති සංවිධානයක් සඳහා සේවය කරන පුවත්පත් කලාවේදින්ගේ සුරක්ෂිත භාවය ආරක්ෂා කරන ලෙස ද එම නිවේදන මඟින් ශ්‍රි ලංකා බලධාරින්ගෙන් ඉල්ලා ඇත.

     

    නිකුත් කර තිබෙන නිවේදනයේ මෙසේ දැක්වෙයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් පසුගිය දා පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී හම්බන්තොට වරාය සම්බන්ධයෙන් සිදු කළ හෙළි දරව්ව කිරීමට සහාය දැක් වූ
    ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ විවේචනය කර තිබේ.

    මේ ආකාරයෙන් ජනමාධ්‍යවේදීන් තැතිගැන්වීමට කටයුතු කිරීමට පිළිගත නොහැකියි. මෙම ප්‍රයත්නයෙන් පෙනී යන්නේ විවේචකයින් නිහඬ කිරීම සහ ජනමාධ්‍ය නිදහස නැතිකරලීමේ උත්සහායක් ලෙසයි. තවද එම ක්‍රියාව
    මඟින් ශ්‍රී ලාංකික ජනතාවට වැදගත්වන තොරතුරු ලබාගැනීමේ අයිතිය අහිමි කිරීමේ උත්සහායකි.

    අපගේ සහ අනෙකුත් ප්‍රවෘත්ති ආයතන සඳහා සේවය කරන ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ශ්‍රී ලාංකික බලධාරීන් විසින් තහවුරු කරනු ඇතැයි නිව්යෝක් ටයිම්ස් අපේක්ෂා කරයි.

    නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පල වූ වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාට ගැටළුවක් පැන නැගී ඇත්නම්,ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් තැති ගැන්වීම වෙනුවට නිව් යෝක් ටයිම්ස් පුවත් පතේ ජ්‍යේෂ්ඨ කර්තෘ මණ්ඩලය සම්බන්ධ කරගන්නා ලෙස දන්වා සිටින බවද Michael Slackman නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    නිවේදනය

     

    July 3, 2018

    NEWS RELEASE:​ Intimidation Campaign Against Sri Lankan Journalists

    A group of Sri Lankan parliamentarians allied with the former president, Mahinda Rajapaksa, held a news conference to publicly criticize two journalists who contributed
    logistical assistance to a rigorously reported and accurate New York Times investigation into the Hambantota port, published on June 26.

    It is unacceptable for journalists to be intimidated in this way. This action appears intended to silence critics and curb press freedoms, and ultimately deprive Sri Lankans
    of information in the public interest.

    The Times expects the Sri Lankan authorities to ensure the safety of journalists working for our — or any — news organization.

    If Mr. Rajapaksa takes issue with Times reporting, we have encouraged him to contact senior editors at The New York Times rather than intimidating Sri Lankan journalists.

     

    Sincerely,

    Michael Slackman
    International Editor
    The New York Times

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya