මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත් ව්‍යාපාරික දුරකතන නාමාවලියේ ප‍්‍රථම මුද්‍රිත පිටපත ජනපතිට පිළිගන්වයි

    ජූනි 06, 2018

    2018/2019 වර්ෂ සඳහා SLT රේන්බෝ පේජස් වාර්ෂිකව නිකුත් කරනු ලබන බස්නාහිර පළාත් ව්‍යාපාරික දුරකතන නාමාවලියේ ප‍්‍රථම මුද්‍රිත පිටපත  ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.

    ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා විසින් එම පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර SLT රේන්බෝ පේජස් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි මල්රාජ් බලපිටිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

    SLT රේන්බෝ පේජස් දුරකතන නාමාවලියේ රාජ්‍ය තොරතුරු හා සර්ව ආගමික තොරතුරු සේම වර්ගීකරණයන් 1300 ක් පමණ යටතේ භාණ්ඩ හා සේවා ලයිස්තු ගත කර ඇති අතර මුද්‍රිත නාමාවලියට අමතරව rainbowpages වෙබ් අඩවිය, ජංගම දුරකථන මෘදුකාංග, සංයුක්ත තැටි හා ඇමතුම් මධ්‍යස්ථාන ආදි විවිධ නව තාක්ෂණික ක‍්‍රමවේද ඔස්සේ පාරිභෝගිකයන් හට තොරතුරු ලබා ගැනීමේ පහසුකම් සළසා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya