මෙම මාර්ග ව්‍යාපෘති ඉදි කිරීම සඳහා පසුගිය රජය කාලයේ ඉඩම් අත්පත් කරගැනීමේ දී ඉඩම් හිමියන්ට වන්දි මුදල් ගෙවා නොතිබූ අතර ඒ සඳහා රුපියල් කෝටි 771ක මුදලක් වර්තමාන රජය විසින් ගෙවා තිබේ.
වර්තමන රජය යටතේ පවර ගනු ලැබූ ඉඩම්වලට වන්දි වශයෙන් රුපියල් කෝටි 290ක් ද ඇතුළුව කෝටි 1061ක් මේ වනවිට ගෙවා ඇතැයි අද (05) මහාමාර්ග හා මාර්ග සංවර්ධාන් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසී ය.
මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දැනට ගෙව නැති වන්දි මුදල් ප්‍රමණයක් තිබෙන බවත් ඒ සඳහා මුදල් ලබාගැනීමට භාණ්ඩාගරයෙන් යම් කාලයක් ගතවන බැවින් ඉඩම් පවරා ගැනීම නිසා නිවාස අහිමි වූ ජනතාවට නිවාස කුලී ගෙවීම් සිදු කෙරෙන අතර වන්දි මුදල් ගෙවීම ප්‍රමාදවන කාලය වෙනුවෙන් සියයට 7%ක පොළියක් ද වන්දිලාභීන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බව පැවසීය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර- හම්බන්තොට මාර්ගය, කඩවත - කෙරවළ පිටිය මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත- මීරිගම කොටස,මීරිගම - කුරුණෑගල කොටස සහ නව කැලණි පාලම මාර්ගයේ ඉදිකිරීම් දැන් සිදු කරගෙන යනු ලැබේ. මෙම ඉදිකිරීම්වල ප්‍රමාණය කිලෝ මීටර 181.5කි.
වර්තමන රජය 2015 දී බලයට පත්වන විට රටේ තිබූ අධිවේගී මාර්ග කිලෝ මීටර ගණනට වඩා වැඩි කිලෝමීටර ගණනක අධිවේගී මාර්ග රටපුරා ඉදිවෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මෙම වසරට මහාමාර්ග අමාත්‍යාංශය දේශීය වශයෙන් ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 84445.03කි. එයින් රුපියල් මිලියන 39992.52ක සේවාවන් මේ වනවිට අවසන් කර ඇත.එමෙන් ම විදේශීය ආධාර ලෙස රුපියල් මිලියන 787,2505ක මුදලක් වැය කොට තිබේ. මේ මස පහක කාලය තුළ සියයට 68%ක පමණ සේවා අවසන් කිරීමක් කර ඇති බව අමාත්‍යවරයා පැවසී ය.