මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවට නාමයෝජනා කැඳවයි

    ජූලි 17, 2014
    ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් මේ මස 30 සිට අගෝස්තු මස 06 දක්වා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලය තීරණය කර ඇත.
     
    ඒ අනුව නාමයෝජනා කැඳවීම අගෝස්තු 06දා දහවල් 12.00න් අවසන් වේ. නාමයෝජනා භාරගැනීම අවසන්වීමෙන් පසු ලැබී ඇති නාමයෝජනා ප්‍රමාණය සලකා බැලීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා විසින් ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරනු ලැබේ.
     
    බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක සඳහා එක් පක්ෂයකින් හෝ කණ්ඩායමකින් නම් කළ යුතු අපේක්ෂක සංඛ්‍යාව පිළිවෙලින් 21 හා 17ක් වේ. ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පිළිවෙලින් 18ක් හා 14ක් වේ. 
     
    සමස්ත ඌව පළාතේම වැඩි ඡන්ද සංඛ්‍යවක් ගනු ලබන පක්ෂයේ ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩායම් නායකයාට ස්වකීය අභිමතය පරිදි අපේක්ෂකයන් දෙදෙනෙකු ප්‍රසාද ආසන සඳහා නම් කළ හැකිය.
     
    පසුගිය 11දා ඌව පළාත් සභාව විසුරුවා හරින ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya