මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික සංවර්ධනයට නෙදර්ලන්තයේ අතහිත Featured

    ජූලි 17, 2014
    ශ්‍රී ලංකීය ජනතාවගේ යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් ජීවනෝපාය ශක්තිමත් කරමින් ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට නෙදර්ලන්ත රජය කටයුතු කරන අතර තාක්ෂණික සහ විශේෂඥ දැනුම ලබාදීම සඳහා වඩාත් අවධානය යොමු කරන බව නෙදර්ලන්තයේ විදේශ වෙළෙඳ උප අමාත්‍ය සිමොන් ස්මිට්ස් මහතා ප්‍රකාශ කළේය.
     
    ශ්‍රී ලංකාවේ  සිව් දින නිල සංචාරයක නිරතව සිටින නෙදර්ලන්ත විදේශ වෙළෙඳ උප අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම අමාත්‍යංශයේදී හමුවී පැවැත්වූ සාකච්ඡාවේදීය.
     
    දිවයින පුරා ගමත් - නගරයත් යා කරමින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සංවර්ධනය ගොඩනඟන ග්‍රාමීය පාලම් 1,210 වැඩසටහන යටතේ ඉදිවන ග්‍රාමීය පාලම් 467ක් ඉදිකිරීම සඳහා අවශ්‍ය වන සහය ලබාදීමට මෙහිදී නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබන ලදී. 
     
    එසේම විසිතුරු මල් පැල ලබාදීමට පටක රෝපණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම, පශු සම්පත් සංවර්ධනය, උසස් කිරි ගවයින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම මෙන්ම පරිසර සංරක්ෂණය සඳහා වඩාත් ඵලදායි සේවාවක් ශ්‍රී ලංකාවට ලබාගැනීම පිළිබඳ මෙහිදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දක්වන ලදී. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා සහයෝගය ලබාදීම, දෙරට අතර ආයෝජන සහ වෙළෙඳ කටයුතු පිළිබඳව මෙහිදී නෙදර්ලන්ත දූත පිරිස සාකච්ඡා කළහ.
     
    මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ලොයිස් පිට්, නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදක නිකොලිට් කුප්මන්, ආර්ථික සංවර්ධන අමත්‍යංශයේ ලේකම් නිහාල් ජයතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් දෙපාර්ශය වෙනුවෙන් සහභාගි වූහ.
     
    DB
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya