මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයෙන් නාවික සෙබ‍ළෙකුට නව නිවසක්

    ජූලි 16, 2014

    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ මෙහෙයවීමෙන් නාවික හමුදා සෙබ‍ළෙකු වන නාවික හමුදාවේ නායක ආහාර සහායක එම්.ඒ.පී.එන්.කේ. සමරතුංග සෙබළා වෙත නව නිවසක් ඉදිකරදී ඇත.

    එම නව නිවසේ යතුර අද (16) නිට්ටඹුව, කිත්තම්මහරදී පවත්වන ලද උත්සවයකදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මිය විසින් ඒ මහතා වෙත භාරදෙන ලදී.


    මෙම නාවික සෙබළාගේ කිත්තම්මහර තිබූ පර්චස් 20ක් පමණ වන ඉඩමෙහි සාදනු ලැබූ මෙම නව නිවස සඳහා ශ්‍රම දායකත්වය 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් ලබා දුනි. මේ සඳහා රුපියල් මිලියන 4.5ක මුල්‍ය දායකත්වය සපයන ලද්දේ සේවා වනිතා ඒකකය විසිනි.

     

    මෙම අවස්ථාව සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ආරක්ෂක අමාත්‍යාංශ අතිරේක ලේකම් (පාලන) ඉන්දු රත්නායක, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශාලිකා පෙරේරා යන මහත්මීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් හා එකී රණ විරුවාගේ ඥාතීන් හා ප්‍රදේශවාසීහු රැසක්ද සහභාගී වූහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya