මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ සියවෙනි ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය අගෝස්තු 01 - 07 Featured

    ජූලි 16, 2014

    කොළඹ සියවෙනි ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය 2014 අගෝස්තු 01 සිට 07 දක්වා මාදම්පේ Ygro කඳවුරු භූමියේදී පවත්වන්නට කටයුතු සැලසුම් කර ඇති බව කොළඹ සියවෙනි ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරි විධායක කමිටු ප්‍රධානී ජනප්‍රීති ප්‍රනාන්දු මහතා අද (16) කොළඹ සිටි හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.


    මාදම්පෙ නගරයේ අක්කර 36ක කුඹුරු, වැවක් හා දොළ පාරකින්ද යුතු මනරම් භූමියක ජම්බෝරිය පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම ජම්බෝරියට රටවල් 35කින් බාලදක්ෂ සාමාජිකයින් 3500ක් ද ඒ හැර කණිෂ්ඨ බාලදක්ෂ සාමාජිකයින් 1500ක් කණිෂ්ඨ බාලදක්ෂ වැඩසටහන් සඳහා ද ජම්බෝරිය නැරඹීම සඳහා ලොව සිවු දෙසින් 15 000ක පමණ ජනතාවක් ද පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.


    ලෝකය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ සාමකාමී බවින් අනූන, ආගන්තුක සත්කාරයෙන් ඉහළ රටක් බවට හැඟීමක් ඇති කරවන්නට ආයුබෝවන් යන තේමාවෙන් යුතු මෙම ජාත්‍යන්තර ජම්බෝරිය පිටුවහලක් වන බවත් ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රගමනය සඳහා ද මෙය මහඟු අවස්ථාවක් උදා කරන බවත් එම මහතා ප්‍රකාශ කළේය.


    ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා, වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතා හා තාරුණ්‍යයට හෙටක් වැඩසටහන යටතේ මෙම ජම්බෝරියේ සංවිධාන කටයුතු සිදු කරයි.


    ආයුබෝවන් යන තේමාව රැගත් කොළඹ සියවෙනි ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය හා ගීතය ද මෙහිදී ප්‍රථම වතාවට මාධ්‍යට එළි දැක්විය.


    ආයුබෝවන් යන තේමාව ඇසුරින් නිර්මාණය කර ඇති නිල ලාංඡනය බාලදක්ෂ සියවස් සැමරුම, ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය හා ශ්‍රී ලංකාව නියෝජනය කරයි. නිල ගීතය ද කොළඹ සියවෙනි ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන්ම පද රචනය කර නිර්මාණය කර ඇත්තේ ජාත්‍යන්තර ආකර්ෂණය දිනා ගන්නා අයුරිනි.


    විවිධ බාලදක්ෂ ක්‍රියාකාරකම් තුළින් තම දක්ෂතාවන් පෙන්නුම් කිරීමෙන් ජම්බෝරියට සහභාගීවන බාලදක්ෂයින්ට සියවස් ජාත්‍යන්තර බාලදක්ෂ සැමරුම් සම්මානයකින් පිදුම් ලැබීමට හැකි වන බවත් සියලුම බාහිර බාලදක්ෂ ක්‍රියාකාරකම් වෘත්තීමය පළපුරුද්ද සහිත ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ හා මෙම ක්ෂේත්‍රෙය් භාහිර නිලධාරීන්ගේ දායකත්වයෙන් සිදු කරන බවත් ජනප්‍රීති ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.


    විවිධ සංස්කෘතික සංගීතමය අංගයන්ගෙන් ද ගිනි මැල සංදර්ශනයන්ගෙන් ද විනෝදාත්මක ක්‍රියාරකමිවලින්ද සපිරි මෙම ජම්බෝරිය එළිමහන් කඳවුරු තුළ දින 6ක් පුරා පැවැත්වීමට නියමිතය. කණිෂ්ඨ බාලදක්ෂයින් දින 2ක් මෙහි කඳවුරු තුළ බාලදක්ෂ ක්‍රියාරකම්වල යෙදවීමට කටයුතු සැලසුම් කර ඇත.


    සියලුම පහසුකම්වලින් සපිරි මෙම ජම්බෝරිය තුළ කඳවුරු 6ක් නිර්මාණය වන්නේ 3500ක බාලදක්ෂයින්ට ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස මෙයට සහභාගී වීම සඳහාය. පළමු වතාවට බාලදක්ෂිකාවන් 500ක් මෙම ජම්බෝරියට සහභාගී වන අතර කඳවුරු 6න් එක් කඳවුරක් ඔවුන් සඳහා වෙන් කෙරේ. මෙම කඳවුරු අනුශාසක බාලදක්ෂ ප්‍රධානීන් හා ප්‍රධාන කාර්යාලයකින් ද සමන්විත බව ජනප්‍රීති ප්‍රනාන්දු මහතා පැවසීය.


    ජම්බෝරි භූමිය තුළ අංග සම්පූර්ණ සුපිරි වෙළඳසැල්, ජංගම බැංකු, වෙළඳ කුටි, භෝජනාගාර හා බාලදක්ෂ කුටි  ඇතුළු දෛනික ප්‍රවෘත්ති නිවේදන කුටි, ගුවන් විදුලි කුටි හා මාධ්‍ය ඒකකයකින්ද සමන්විතය.


    කොළඹ සියවෙනි ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය අගෝස්තු 03 සිට 06 දක්වා ප.ව. 02.00 සිට මහජනතාවට නැරඹීම සඳහා විවෘත වන අතර පැමිණීමට අපේක්ෂා කරන ජනතාව කලින් ප්‍රවේශපත් මිලදී ගැනීම සිදුකළ යුතු බවත් සංවිධායක මණ්ඩලය මෙහිදී අවධාරණය කරන ලදී.


    මෙම මාධ්‍ය හමුවේදී කොළඹ සියවෙනි ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියේ අනුග්‍රාහක භවතුන් වන කාගීල්ස්, ඩෙටෝල් හා NDB බැංකුව විසින් නිල වශයෙන් තම මුදල් චෙක්පත් ජම්බෝරි සංවිධායකයින් වෙත පිරිනමන ලදී.


    කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංවිධානයේ සභාපති බ්‍රිග්‍රේඩියර් (විශ්‍රාමික) J.P. ජයවර්ධන මහතා, දිස්ත්‍රික් කොමසාරිස් රිසා අසූර් මහතා, කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංවිධානයේ විධායක කමිටු සභාපති සුජීව ප්‍රනාන්දු මහතා, RB වෙළඳ අධ්‍යක්ෂිකා සින්ක්ලෙයා ක්රූස් මහත්මිය, NDB සහයක උප සභාපති ජෙහාන් ඩයස් ඇතුළු අනුග්‍රාහක භවතුන්, බාලදක්ෂ ප්‍රධානීන් හා අමුත්තන් පිරිසක් මීට එක්ව සිටියහ.


    SDF/HC

    CMB centenary ISJ 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya