මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හසලක ගාමිණී රණවිරුවාගේ 23 වන සැමරුම අලිමංකඩදී

    ජූලි 17, 2014
    හසලක ගාමිණී රණවිරුවාගේ 23 වන සැමරුම හා ඔහුට පිං පැමිණවීම සඳහා පසුගිය සඳුදා අලිමංකඩ හසලක ගාමිණී පිළිරුව අසලදී උත්සවයක් පැවැත්විණි. මෙය 66 වැනි යුද හමුදා සේනාංකය විසින් සංවිධානය කර තිබිණි.

    හසලක ගාමිණි හෙවත් ගාමිණී කුලරත්න රණවිරුවා විසින් 1991 වර්ෂයේදී අලිමංකඩ හමුදා කඳවුර රුදුරු කොටි ත්‍රස්තවාදින්ගෙන් බේරාගැනීම සඳහා ත්‍රස්තවාදීන් විසින් පුපුරණ ද්‍රව්‍ය පුරවා ගෙන කඳවුර කරා පැමිණි යුද ටැංකියට හමුදා කඳවුරට ඇතුළු වීමට නොදී සිය ජීවිත පූජාවෙන් කරන ලද වික්‍රමාන්විත ක්‍රියාව සිදුකර වසර 23ක් ගතවීම නිමිත්තෙන් එම අවස්ථාව සමරා මේ පිංකම් සිදු කෙරිණි.

    මෙම අවස්ථාව සඳහා හසලක ගාමිණී රණ විරුවාගේ මව ද සහභාගීවීම විශේෂත්වයක් වූ අතර එම රණ විරුවාගේ ජීවිතය අළලා ලියැවුණු පොතක් හා සී.ඩි. තැටියක් කිලිනොච්චි ආඥාපතිවරයා විසින් එම රණ විරුවාගේ මව වෙත මෙහිදී පිළිගන්වන ලදී.‍‍

    මෙම අවස්ථාව සඳහා මෙම ප්‍රදේශයේ සිටින සියලුම සේනාංකාධිපතිවරුන්, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ගාමිණී කුලරත්න රණ විරුවාගේ පවුලේ සාමාජිකයෝ ද සහභාගී වූහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya