මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර විභාග අපේක්ෂකයින්ට විශේෂ ණය ක්‍රමයක් Featured

    ජූලි 16, 2014

    කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය මෙහෙය වන උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වන උපාධි අපේක්ෂකයින්ට මහජන බැංකුව විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙයි.


    මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම මහජන බැංකුව වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී එන්. වසන්ත කුමාර් මහතා සහ කැලණිය විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි උප කුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා අතර පසුගියදා කැලණිය විශ්වවිද්‍යාල උප කුලපති කාර්යාලයේදී සිදු කෙරිණ.

    කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර හා පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට සහන පොලී අනුපාතිකයක් මත පාඨමාලා ගාස්තු ගෙවීම් ඉඩ ප්‍රස්ථා සලසාදීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත. උපරිම රුපියල් 500,000 දක්වා ණය මුදල් ලබාගත හැකි අතර, රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයන්හි සේවය කරන ඇපකරුවන් දෙදෙනෙකු මත හෝ නිශ්චල දේපොළ උකස මත ණය මුදල් ප්‍රදානය කරනු ලබයි. වසරක සහන කාලයක් ඇතුළුව ණය ආපසු ගෙවීමේ උපරිම කාලය වසර 07කි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya