මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මිය ගියේ ස්වභාවික හේතූන් නිසයි

    ජූලි 16, 2014
    දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මිය ගියේ ස්වභාවික හේතූන් නිසා බව දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මියයෑම පිළිබඳ තත්ත්වය පැහැදිලි කරමින් ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ අනුර ද සිල්වා මහතා පෙන්වාදෙයි.
     
    සත්වෝද්‍යානය තුළ පසුගිය වසර දෙකක කාලය තුළ මිය ගිය සතුන්ගේ සංඛ්‍යාව සහ එම සතුන් මිය යෑමට හේතු වූ කරුණු විශ්ලේෂණය කරමින් සකස් කරන ලද දත්ත ඇතුළත් වාර්තාවක් මගින් ඒ මහතා මෙම කරුණු අනාවරණය කොට ඇත.
     
    මෙම දත්තවලට අනුව පසුගිය වසර දෙකක කාලය තුළ මිය ගිය සතුන්ගෙන් 36%ක ප්‍රතිශතයක් මිය ගොස් ඇත්තේ වයස්ගත වීම, උපතේ දී ඇති වන විකෘති තත්ත්වයන්, උපතට පෙර මිය යෑම, උපත් බර අඩුවීම, උපතේ දී ඇති වන රෝගී තත්ත්වයන් සහ ස්වභාවික සංසිද්ධීන් නිසාය. එබැවින් මෙම මරණවලට ප්‍රධාන හේතුව රෝගය නිසි පරිදි හඳුනොගැනීම හෝ නිසි ප්‍රතිකාර ලබා නොදීම නොවන බව එම වාර්තාවේ සඳහන් වේ. 
     
    සත්වෝද්‍යානය තුළ ඕනෑම සතෙකු මිය ගිය විට විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරනු ලැබේ. මෙහිදී මෙම ක්‍රියාවලියේ පාරදෘෂ්‍යභාවය වඩාත් තහවුරු කිරීම සඳහා වටිනාකමින් වැඩි, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ සතුන්ගේ මරණ පරීක්ෂණ බාහිර ආයතනයක පශු වෛද්‍යවරයකු මඟින් සිදු කර ගනු ලබයි.  
     
    පසුගිය වසර දෙකක කාලය තුළ මියගිය සම්පූර්ණ සතුන්ගේ සංඛ්‍යාව 141ක් වන අතර, එයට පක්ෂීන් 69ක් ඇතුළත් වේ. මෙම පක්ෂීන්ගෙන් බහුතරයක් දුර්ලභ ගණයේ සත්වයින් නොවන විශාල සංඛ්‍යාවක් ලෙස අලංකාරය සඳහා රඳවාගෙන ඇති බජිරිගාර්, අලු ගිරවා, ලබු ගිරවා සහ හැඳි අළුවා වැනි පක්ෂීන් වේ. 
     
    ක්ෂීරපායී සත්ත්වයින් 56% ක් මිය ගොස් ඇත්තේ වයස්ගත වීම, උපතේදී ඇතිවූ විකෘති තත්ත්වයන් හා උපතේදී ඇතිවූ රෝගී තත්ත්වයන් වැනි පාලනයෙන් බැහැර හේතූන් මත බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya