මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාගර හා ධීවර තොරතුරු කේන්ද්‍රය හෙට විවෘත කරයි Featured

    ජූලි 16, 2014

    ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනයේ  "සාගර හා ධීවර තොරතුරු කේන්ද්‍රය" ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (17) බේරුවල දී විවෘත කිරීමට නියමිතය.


    මෙම සාගර හා ධීවර තොරතුරු කේන්ද්‍රය මඟින් ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයේ තොරතුරු හා දත්ත ඇසුරින් ආපදාවන් හා කාලගුණික විපර්යාසයන් පිළිබඳව තොරතුරු වඩාත් කාර්යක්‍ෂමව ජනතාවට ලබාදීමට හැකිවේ. මෙම මධ්‍යස්ථානය නාරා ආයතනයේ සාගර විද්‍යා අංශය මඟින් මෙහෙයවනු ඇත.

     

    2004දී ඇති වූ සුනාමි ව්‍යසනයත් සමඟ මිනිස් ජීවිත හා දේපොළ විශාල ප‍්‍රමාණයක් විනාශයට පත්වුණි. මේ නිසාම මෙවැනි අපදාවන් පිළිබඳව මුළු ලෝකයේම කථිකාවක් හට ගැණුනි. එම නිසා සුනාමි වැනි ආපදාවන් කලින් හඳුනාගැනීම සඳහාත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරලීම සඳහාත් පියවර ගැනීමට ලෝකයේ බොහෝ රටවල් ඉදිරිපත් විය. එම නිසාම සුනාමි ආපදාවන් කලින් දැනගැනීමට මුහුදු රළ උච්ඡාවචනය මනින සන්නිවේදක උපකරණ හෙවත් ART-Deep Ocean Assessment and Reporting of Tsunami උපකරණ මුහුදු පත්ලේ මීටර් 6000ක් පමණ ගැඹුරින් සවිකිරීමට පියවර ගෙන ඇත.

    මේ මඟින් මුහුදු පතුලේ ඇතිවන ඉතා සියුම් වෙනස්කමක් වුවද දැනගැනීමට හැකිවේ. මේ අනුව සුනාමි අනතුරු පූර්ව ඇඟවීමේ මධ්‍යස්ථානයක් මට්ටක්කුලියේ නාරා ආයතනයේ ස්ථාපිත කොට තිබේ. මේ මඟින් දවසේ පැය 24 පුරාම ලොව සෑම තැනකම සිදුවන භූකම්පන හා සුනාමි අනතුරු, කාලගුණික විපර්යාස පිළිබඳව නිරීක්‍ෂණය කරමින් අදාළ තොරතුරු හා දත්ත අදාළ අංශවලට ක්‍ෂණයෙන් නාරා ආයතනය ලබාදෙයි.

     

    බේරුවල ස්ථාපිත කෙරෙන සාගර හා ධීවර තොරතුරු කේන්ද්‍රය මඟින් ද පැය 24 පුරාම අදාළ තොරතුරු හා දත්ත ලබා දෙනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya