මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන සංග්‍රාමය ආපසු හැරවීමට බටහිර රටවලින් කුමන්ත්‍රණයක් Featured

    ජූලි 16, 2014
    යුද්ධය අවසන් කර රට තුළ මහා සංවර්ධන සංග්‍රාමයක් සිදුවන මොහොතක, එම ක්‍රියාවලිය ආපස්සට හැරවිමට ඇතැම් බටහිර රාජ්‍යයන් කුමන්ත්‍රණය කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක "රට රකින නිල් පවුර සුරකිමු මව්බිම" සම්මන්ත්‍රණ මාලාව යටතේ කැබිතිගොල්ලෑවෙන් ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නියෝජිත සම්මේලනයට සහභාගි වෙමින් අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවාය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නියෝජිත සම්මේලනය පසුගියදා කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නායිකාව ලෙස මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ, ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරාජය කිරීමේ මහජන බලවේගය ශක්තිමත් කිරීමට රටේ සියලු කාන්තාවන් පෙරමුණ ගතයුතු බවය.

    මහපොළොව මත පය ගසා සිටින නායකයෙකු ලෙස, මේ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ජනාධිපතිතුමා සැබෑවටම දැක්කා. එවැනි නායකයෙකු පලවාහැරීමට බටහිර කුමන්ත්‍රණ සිදුවෙනවා. ඒ කුමන්ත්‍රණ පරාජය කළ යුතුයි. අපට අනාගතය පිළිබඳ ව අපේක්ෂාවක් තිබුණේ නැහැ. යුද්ධය කැබිතිගොල්ලෑවෙන්, වව්නියාවෙන්, වැලිකන්දෙන් නතර වුණේ නැහැ. කොළඹටත් දැනුණා. එදා බටහිර රටවල් මේවා දැක දැක හිටියා. ඒ ගැන කතා කළේ නැහැ. අද මානව හිමිකම් ගැන මහ විදිහට කතා කරන රටවල් මේ රටේ සැබෑ යුද්ධය දැක්කේ නැහැ. ඒ අය දැක්කේ දෙමළ ඩයස් පෝරාවේ මවාපෑම් පමණයි. 

    ජනාධිපතිතුමා සමඟ ඒකාත්මික වුණේ, බද්ධ වුණේ, එතුමාට ඡන්දය දුන්නේ, ආදරේ කළේ, එතුමාගේ වැඩපිළිවෙළ මේ රටේ කාන්තාවන් කරට ගත් බවත් ඒ නිසාම ජනාධිපතිතුමා කාන්තාව ඉදිරියට ගන්න පුළුවන් සෑම දෙයක්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවත් කීය. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණ බැසිල් රාජපක්ෂ ඇමතිතුමා, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හරහා සැම දිස්ත්‍රික්කයකටම වෙන්කරන ප්‍රතිපාදනවලින් 60%ක් චක්‍ර ලේඛයකින්ම කාන්තාවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කරන්න වෙන් කළ බවත් අමාත්‍යවරිය පැවසුවාය.

    අපට වැදගත් වන්නේ රටේ නායකයාගේ දර්ශනය. රටේ නායකයාගේ ප්‍රතිපත්තිය. යුද්දෙ ඉවර කරන්න පුළුවන් වෙයි කියලා කවුරුත් විශ්වාස කළේ නැහැ. ලංකාව වගේම මුළු ලෝකෙම එක මතයකට ආවා, යුද්දෙ අවසන් කරන්න නම්, කොටි ඉල්ලන ඉල්ලන දේ දෙන්න ඕන කියලා. ඒ වෙලාවේ අපි යුද්ධය භයංකාරත්වය වින්දා යැයි ද අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියාය.

    කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති මැදවව්චිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ ආසන බල මණ්ඩල නියෝජිත සම්මේලනයට අමාත්‍ය තිස්ස කරලියද්ද, පළාත් සභා මන්ත්‍රීවරියන් වන කල්‍යාණි කරලියද්ද, මල්ෂා කුමාරතුංග, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ ලේකම්, අශෝකා ලංකාතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු පන්දහසකට අධික විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya