මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිෂ්පාදන බදු ( විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් පිළිබඳව විවාදය ආරම්භ කළේ ය.
විවාදයේ අඳහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා;
රජයේ නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දිය යුතුයි. රජයේ වියදම් වැඩි වී තිබෙන විටක සෘජු බදු වැඩි කළා. අරමුණ වන්නේ රට තුළ ප්‍රගතිශීලි තත්ත්වයක් ඇති කිරීමයි. සමාජයේ දිළිඳු ප්‍රජාවට බදු බර වැටී තිබෙනවා. එය ඉක්මණින්ම නිවැරදි කළ යුතුයි. අවිධිමත් ආර්ථිකය විධිමත් කිරීමට ආර්ථිකය පුළුල් කිරීම කළ යුතුයි. සරළ විනිවිඳ බදු ක්‍රමයක් ගෙනා යුතුයි. හිටි හැටියේ බදු වැඩි නොකර බදු විරාම හා බදු නිදහස් කිරීම් තවදුරටත් මේ පනත යටතේ මුදල් ඇමැතිවරයාට කැමැති විදියට කළ නොහැකියි.
සාධාරණ පදනමක් ඇතිව ප්‍රතිපත්ති තීරණ ගැනීමට නව පනත යටතේ සිදු කළ හැකියි. 2018 අයවැය යෝජනා අනුව අපි සෘජු බදු වැඩි කර රජයේ ආදායම් වැඩි කර ගන්න කටයුතු කරනවා. හිටිහැටියේ බදු වැඩි කිරීම දේශපාලන උවමනාවන් මත සිදු වෙනවා. මේ පනත යටතේ එය කළ නොහැකියි.පසුගිය වසරේ ජනවාරි වන විට ආදායම් රැස් කිරීම සාධනීයව වැඩි වෙලා තිබෙනවා. එම සාධනීය බව තවදුරටත් ආරක්ෂා කරමින් රජයේ ආදායම අතිරික්තයක් තබා ගැනීමට හැකි වුණා. පසුගිය වසරේ ජූලි මාසයේ එම අතිරික්තය වාර්තා වුණා.
දළ දේශීය නිෂ්පාදනය සියයට 1.6 කින් වැඩි වුණා. පසුගිය මාස 18 තුළ රාජ්‍ය ආදායමේ වර්ධනයක් අපි දකිනවා. 1950 ගණන්වල පසුව ප්‍රථම වතාවට වර්තමානයේදි රට තුළ ආදායම් අතිරික්තියක් අපට දැක ගත හැකියි. රට තුළ ආර්ථිකය ස්ථාවර වී තිබෙනවා. ප්‍රාථමික ණය දීම සියයට 44 කින් වැඩි වී තිබෙනවා. මහජන සුබසාධනය සහතික කිරීම සඳහා ආදායම් වර්ධනය කරමින් භාණ්ඩ ගණනාවක බදු අඩු කර කර සහන සැලසුවා. සෘජු බදු හරහා වැට් බදු අවම කර ගත හැකියි.
රාජ්‍ය ආදායම වැඩි කරමින් බදු ආදායම වැඩි කළ යුත්තේ 2022 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15 කට ආසන්න ණයක් ගෙවිය යුතු නිසයි. ලංකා ඉතිහාසයේ වැඩිම ණය බර ගෙවන්න සිදු වන්නේ ලබන වසර තුළදී. එය ට්‍රිලියන 1.9 ක්. ඒ අනුව 2019 වසරේදි ට්‍රිලියන 4.2ක්. 2020 වසරේදි ට්‍රිලියන 3.7 ක ණයක් ගෙවීමට සිදුව තිබෙනවා. මේ සියලු ණය ගෙවීමට සිදුව තිබෙන්නේ 2015 වසරට පෙර ගත් ණයවලට. පසුගිය ආණ්ඩුව කාලයේ ගත් ණයවලට තමා වැඩිපුර ගෙවන්න සිදුව තිබෙන්නේ.
කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නොමැති හම්බන්තොට, මත්තල වැනි ව්‍යාපෘතිවලට පසුගිය ආණ්ඩුව මුදල් යෙදවීම සිදු කළා. සියයට 17 ක්ව පැවැති රාජ්‍ය ආදායම 2014 දි සියයට 11 දක්වා අඩු වුණා. පසුගිය පාලන සමයේ වසර නවයක් තුළදි අස්ථාවර වූ ආර්ථිකය ස්ථාවර කිරීමට 2015 වසරේ සිට හැකි වුණා. ජාත්‍යන්තරය සමඟ අපට තිබෙන මූල්‍ය බැඳීම් වැඩි කර ගැනීමට හැකි වුණා. එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.75 ක විදේශ ආයෝජන වැඩි වුණා. රජයේ වියදම් ගුණාත්මක බවෙන් වැඩි කර අධ්‍යාපන පුහුණු කිරීම් ඇතුළු කටයුතු සඳහා 2014 වෙන් කර තිබූ සියයට 1.4 ක මුදල 2.4 දක්වා වැඩි කිරීමට අපි කටයුතු කළා.
සෞඛ්‍ය අංශය සඳහා වැඩි ප්‍රතිපාදන වෙන් කිරීමට හැකි වුණා. එය අධ්‍යාපනයට තරම් නොවුණත් සෞඛ්‍ය ඇමැතිවරයා විශාල වැඩ කොටසක් මේ වන විට සිදු කර තිබෙනවා. දුප්පත් රෝගීන්ට ඔවුන් අපේක්ෂා නොකරන විදියේ සහන ලබාදීමට සෞඛ්‍ය ඇමැතිවරයා කටයුතු කර තිබෙනවා. විදේශ වාණිජ්‍ය ලබා ගැනීම සඳහා අපේ ආර්ථිකය ස්ථාවර කර ගත්තා. අස්ථාවර වූ ආර්ථිකයක් තමයි අපේ ආණ්ඩුවට බාර ගැනීමට සිදු වුණේ. සෘජු විදේශ ආයෝජන වැඩි වුණා.වත්මන් රජය දූෂණය තුරන් කළා. වාහන ආනයනය සිදු කිරීමේදි පසුගිය රජය යටතේ දූෂණයන් සිදු වූ නිසා විශාල ආදායමක් රටට අහිමි වුණා. එන්ජින් ධාරිතාව අනුව බදු ක්‍රමයක් හඳුන්වා දීම මඟින් දූෂණ අවම කර ගැනීමට අපට හැකි වුණා. මේ ක්‍රමය කලින් ක්‍රමයට වඩා සාර්ථකයි.
මීට පෙර වාහන මිල අත්තනෝමතිකව වැඩි වුණා. 2018 අයවැය යෝජනා මඟින් වාහන බදු ක්‍රමය වෙනස් කළා. නීල හරිත ආර්ථිකයේ එක් පියවරක් විදියට හයිබ්‍රිඩ් වාහනවලට වැඩි ස්ථානයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. අති සුඛෝපභෝගි වාහන බද්දක් අය කළා. මහජනතාවට වක්‍ර බදු බලපෑම් අඩු කළා. රජයේ ප්‍රතිපත්ති අනුව 2018 අයවැයෙන් සීනි බදු වැඩි කර රෝගාබාධ අවම කිරීමට පියවර ගෙන තිබෙනවා. අධික සීනි පරිභෝජනය හා බෝ නොවන රෝග අතර සම්බන්ධය හඳුනා ගෙන තිබෙනවා. ඒ නිසා සීනි සම්බන්ධව බදු වැඩි කර තිබෙනවා.
ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට පියවර ගෙන තිබෙනවා. ප්ලාස්ටික් නිෂ්පාදන අමුද්‍රව්‍ය මත සියයට 10 ක බද්දක් පැනවීම සිදු කළා. 2018 පෙබරවාරි හා මාර්තු වන විට අපේ ජනතාවට විවිධ ප්‍රතිලාභ අත් කර දී තිබෙනවා. මෙරට විවිධ ව්‍යාපෘතිවලට ආයෝජකයින් වැඩි වී තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආරම්භ කරමින් රටේ ආර්ථික කොඳුනාරටිය ශක්තිමත් කළා.
ජනතාවගේ ජීවන තත්තවය වැඩි කර ගත හැකියි. අනවශ්‍ය විදයම් කරන්නේ නැහැ අපි. ශ්‍රී ලංකාවේ තරුණයින්ට වැදගත් වන රටක් නිර්මාණය කරමින් අනාගතය තරුණයන්ට බාර දෙන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රට ශක්තිමත් කිරීම අපගේ අරමුණ වෙනවා.