මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මතුගම බස් වර්ජනය බස්නාහිර පළාත් ප්‍රවාහන ඇමැතිගේ අවධානයට - මඟී අයිතිය සුරැකීමට පියවර

    මාර්තු 19, 2018

    මතුගම පෞද්ගලික බස් රථ රියැදුරෙකුට හා කොන්දොස්තරවරයකුට පහරදීමේ සිද්ධියට අදළ සැකකරුවන් දොඩම්ගොඩ පොලීසිය විසින් අද (19) අත් අඩංගුවට ගෙන ඇති බැවින් මතුගම ආරම්භ කර ඇති පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ වර්ජනය නතර කර ලෙස වර්ජකයින්ට දන්වා ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපති නුවන් තුසිත කුලරත්න මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    එසේම වර්ජනයට හේතු වු කරුණු මොනවාදැයි මඟී ප්‍රවාහන අධිකාරිය සොයාබැලීමට කටයුතු කර ඇති අතර ඒ පිළිබඳව වාර්තාවක් ලැබුණු පසු පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඉදිරියේ දී මෙවැනි වර්ජන ඇති
    නොවන පරිදි ක්‍රියාමර්ග ගන්නා බව මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරය පවසයි.

    මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ ප්‍රවාහන අමාත්‍ය ලලිත් වනිගරත්න මහතාගෙන් රජයේ නිලපුවත් වෙබ් අඩවිය කළ විමසුමකදී ප්‍රකාශ කළේ, තමන් ඉදිරි දින දෙක තුළ බස් සංගම් කැඳවා මේ අන්දමින් මඟි
    ජනතාවට හිරිහැර වන වර්ජන නතර කිරීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බවයි.

    මෙවැනි බස් වර්ජනවලට එරෙහිව පියවර ගැනීමට වර්තමාන මඟී ප්‍රවාහන ප්‍රඥ්ප්තියේ විධිවිධාන නොමැති බවත් බැවින් ඉදිරියේ දී එම ප්‍රඥ්ප්තිය සංශෝධනය කළ යුතු බවත් බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya